Home Politics News Room : බලය ගෙන රට ගොඩ­නැ­ඟීමේ අභි­යෝග අපට තිබෙ­නවා

News Room : බලය ගෙන රට ගොඩ­නැ­ඟීමේ අභි­යෝග අපට තිබෙ­නවා

2
0

බලය ගැනීම සහ බලය ගත්තාට පසුව රට ගොඩ­නැ­ඟීමේ අභි­යෝග ජාතික ජන බල­වේ­ග­යට තිබෙන බව එහි නායක අනුර කුමාර දිසා­නා­යක මහතා පැවැ­සීය.

ඒ මහතා මේ බව පැවැ­සුවේ පසු­ගි­යදා (25) කොළඹ සින­මන් ග්‍රෑන්ඩ් හෝට­ල­යේදී පැවති ජාතික ජන බල­වේ­ගයේ බැංකු සහ මූල්‍ය සංස­දයේ කොළඹ දිස්ත්‍රික් සමු­ළු­වට සහ­භාගි වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“කොළ­ඹට කේන්ද්‍ර­ග­තවී ඇති ආර්ථි­කය ගමට ගෙන යමින් ආර්ථි­කය ප්‍රසා­ර­ණය කර­නවා. අපි ප්‍රධාන අභි­යෝග දෙක­කට මුහු­ණදී තිබෙ­නවා. එක බලය ගැනීම. දෙක බලය ගත්තාට පසුව රට ගොඩ­නැ­ඟීම. මේ අභි­යෝග දෙකක් වුවත් බලය ගැනීමේ මාව­තේම තමයි රට ගොඩ­නැ­ඟීමේ මාවත තිබෙන්නේ. ජන­තාව සමගි කර ගන්නා මාව­ත­කින් මේ රට පරි­ව­ර්ත­න­යට ලක්ක­රන්න ඕනෙ.”

 

උපාලි කරු­ණා­රත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here