3
නවීන පහසුකම් සහිත විදුලි බස් රථ 200ක් ප්‍රථම වතාවට ධාවනයට එකතු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05) පැවසීය.
සමඟි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
නවීන පහසුකම් සහිත විදුලි බස් රථ බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරන බවත් එහි පළමු පියවර ලෙස බස් රථ 50ක් සිංහල අලුත් අවුරුද්දට පෙර බස්නාහිර පළාතේ ධාවනයට යොදවනවා.
පෞද්ගලික සහ රාජ්‍ය අංශය ආනයනය කරන සියලුම බස් රථ සඳහා සීසීටීවී කැමරා පද්ධති වැනි නවීන තාක්ෂණික අංග සවි කරනවා. ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ එක්ව අවශ්‍ය කටයුතු සිදු කරනවා. රජයේ ආයතන නව තාක්ෂණය සහ ඩිජිටල්කරණය සඳහා යොමු කිරීම ඉතා අපහසු බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක පොදු ප්‍රවාහනය සඳහා 2017 වර්ෂයේ සිට ඊ ටිකටින් ක්‍රමය හඳුන්වා දීමට උත්සාහ ගත්ත ද එය මෙතෙක් ක්‍රියාත්මක වී නැහැ. ඊ ටිකටින් ක්‍රමය හැදීමට උත්සාහ කරන බවත් ඊ මොනිටරින් ක්‍රමයට 2014 සිට උත්සාහ කළ ද, ඊට අවස්ථාව ලැබුණේ පෙරේදා (05) බව කිව යුතුයි..
මාස 6ක් තුළ ඊ ටිකටින් ක්‍රමයද, දුම්රිය අනතුරු වළක්වා ගැනීමට දුම්රිය ගේට්ටු ආරක්ෂිත ක්‍රමවේදයද ක්‍රියාවට නැංවීම සිදු කරනවා.