14
පොලිස්පතිවරයා පත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් යැයි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ ( 05) ප්‍රකාශ කළේය.
එහිදි අනුගමනය කර ඇති ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වැරදි බවද විජිත හේරත් මහතා පැවසීය. පනත් කෙටුම්පත් කිහිපයක් සම්බන්ධයෙන් පැවති විවාදයට එක් වෙමින් මේ බව කී මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.
අපි දැක්කා පසුගිය දවස්වල පොලිස්පතිවරයා පත් කළ ආකාරය. ඒ සඳහා කථානායකවරයා පාවිච්චි කළ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වැරදියි. නීත්‍යනුකූලවත් ව්‍යවස්ථානුකූලවත් වැරදියි. ව්‍යාවස්ථාදායක සභාවේ සිව් දෙනෙක් පොලිස්පතිවරයාට කැමැත්ත පළ කර තිබුණා. දෙදෙනෙක් විරුද්ධ වෙලා තිබුණා. තවත් දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී තිබුණා. එතකොට හරි පැහැදිලියි දෙපැත්ත සමබර නැහැ. කථානායකවරයා එතැනදී ඡන්දය පාවිච්චි නොකර පසුව ලිපියකින් දැනුම් දෙනවා දෙපැත්ත සමානයි. ඒ නිසා මම තීරක ඡන්දය පාවිච්චි කරනවා කියලා. මේක ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. පසුගිය ජනාධිපතිවරුත් ඒක කළා. වත්මන් පාලකයොත් ඒක කරනවා. කථානායකතුමත් ඒක කරන තැනට පත්වෙලා. ඒක බරපතළයි. මහ කකුළුවා ඇදේට ගිහිල්ලා පොඩි එවුන්ට කෙළින් යන්න කියලා වැඩක් නැහැ.