Home Politics News Room : දත්ත, නිර්ණායකවලින් පමණක් ආර්ථිකය සාකච්ඡා කරන්න බෑ -මන්ත්‍රිනී හරිනි...

News Room : දත්ත, නිර්ණායකවලින් පමණක් ආර්ථිකය සාකච්ඡා කරන්න බෑ -මන්ත්‍රිනී හරිනි අමරසූරිය

2
0

ආර්ථිකයට දත්ත, නිර්ණායක අවශ්‍ය වුවත් එපමණින්ම ආර්ථිකය ගැන සාකච්ඡා කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ පත් කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවසුවාය.

සුරක්ෂිතලත් ගනුදෙනු පනත් කෙටුම්පත ඇතුළු පනත් කිහිපයක් සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව පැවසුවාය.

තවදුරටත් මන්ත්‍රීවරිය මෙසේ ද පැවසුවාය.

ජනතාවගේ ජීවිත සුවපත් කිරීම සඳහා ආර්ථිකය පැවැතිය යුතුයි. ජන ජීවිතය තුළ ඇති වන සත්‍ය අත්දැකීම් වසන් නොකළ යුතුයි. ජනතාවට ඇති එකම විකල්පය රනිල් ප්‍රමුඛ ආණ්ඩුව විතරක් නොවෙයි. ජනතාවට වෙනත් විකල්ප තිබෙනවා. එම විකල්ප තෝරා ගන්නට ජනතාවට ඉඩ ලබා දිය යුතුයි. විකල්පයක් නැතැයි කියමින් ආණ්ඩුව කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවක්. කවුරුවත් නැති වෙලාවේ ගින්දරට පැන රට බේරා ගත් බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කී කතාව සත්‍යයක් නොවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here