Home Politics News Room : අනාගතයේදී යුද හමුදාවෙන් කාන්තා මේජර් ජෙනරාල්වරියන් බිහි කරනවා

News Room : අනාගතයේදී යුද හමුදාවෙන් කාන්තා මේජර් ජෙනරාල්වරියන් බිහි කරනවා

0
0

කාන්තාවන්ට ත්‍රිවිධ හමුදාවේ සේවය කළ හැකි වයස් සීමාව අවුරුදු හතළිස් පහේ සිට පනස් පහ දක්වා වැඩි කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) ප්‍රකාශ කෙළේය.

රාජ්‍ය ඇමැති මේ බව සඳහන් කෙළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවැති විවාදයට එක්වෙමිනි.

තවදුරටත් ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.

යුද හමුදාවේ කාන්තා සෙබළියකට ලබාගත හැකි උපරිම තත්ත්වය මේජර් නිලය වන නමුත් සේවා කාලය වෙනස් කළ පසු මේජර් ජෙනරාල්වරියන් අපේක්ෂා කළ හැකි වන බව ද ඇමැතිවරයා පැවැසීය.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිතිකරගෙන ත්‍රිවිධ හමුදාවේ කාන්තා නියෝග සංශෝධනය කිරීමට තීරණය කළ බවත් එම සංශෝධන කටයුතු සියයට අනූවක් අවසන් කර ඇති බවත් ඒ මහතා සඳහන් කෙළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවැති විවාදයට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here