14
මතුවිය හැකි ඕනෑම අර්බුදකාරී අවස්ථාවකදී පවුල ගොඩ ගැනීම වෙනුවෙන් පවුලේ සියලු බර දැරීමට කාන්තාවක් ලෙස මවට සිදුවන බව සභානායක, අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.
සුසිල් ප්‍රේමජයන්ත් මහතා මේ බව සඳහන් කෙළේ පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ස්ථිර කරන බව සඳහන් කරමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායකවරයා මෙසේ ද පැවැසීය.
‘ආර්ථික අර්බුද, වසංගත තත්ත්වයන් මෙන්ම ඕනෑම අවස්ථාවකදී පවුල ගොඩගැනීම වෙනුවෙන් මැදිහත්වීමට මවට සිදු වුවද ශක්තිමත් ලෙස කාන්තාවන් ඒ වෙනුවෙන් කටයුතු කරනවා.
මාතෘත්වය මූලික කරගත් ශ්‍රී ලංකාව වැනි රටවල එම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙනවා.
අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් ලෝකයම කටයුතු කරන අතර කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් වන ඕනෑම යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහයෝගය ලබා දෙනවා.
විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව මම ස්ථිර කරනවා. කාන්තා දිනය සැමරීම වෙනුවෙන් ලෝකය පුරාම සැමරීම සඳහා වැඩසටහන් සංවිධානය කරනවා. ලෝකයේ වසංගත තත්ත්වයක් ඇතිවුණත්, ආර්ථික අර්බුද ඇතිවුණත්, කවර තත්ත්වයක් ඇති වුණත් අවසානයේදී ලංකාව වගේ රටවල මාතෘත්වය මුල්කරගෙන පවුල සංවිධානය වී තිබෙනවා. ඒ සියලු බර කරට ගන්න වෙන්නේ කාන්තාවට. දරුවන් පාසල් යවන එක, ආර්ථිකය කළමනාකරණය කිරීම, ආහාර ලබාදීම, නිවසේ මූල්‍ය තත්ත්වය කළමනාකරණය ආදී සියල්ල සිදුරන්නට වෙන්නේ කාන්තාවට. පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව ස්ථිර කරමින් කාන්තා දිනය සැමරීමේදී මතුවන යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අපගේ සහයෝගය ලබා දෙනවා.