22
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී කේ. අයි. යූ. විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව ඉදිරි සති දෙක තුළදී විසඳන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.
කේ. අයි. යූ විශ්වවිද්‍යාලයට පොලී රහිත ණය මුදල ලබා දීම ඇතැම් රාජ්‍ය බැංකු මඟහරින බව කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන ඇමැතිවරයා මේ බව පැවැසීය.
තවදුරටත් ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.
‘පළමු සහ දෙවැනි කණ්ඩායම්වල සිසුන් මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් නව කණ්ඩායම් සඳහා මුදල් ලබා දීමේ ප්‍රමාදයක් සිදු වී තිබෙනවා. එම රාජ්‍ය බැංකු සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණා. ණය ආපසු ගෙවීම මඟහැරි සිසුන් 194 දෙනෙකුගේ ණය මුදල් නැවත අය කර ගැනීමේ පදනම මත මහා භාණ්ඩාගාරය ගෙවීමට එකඟ වී තිබෙනවා. සිසුන්ගේ අධ්‍යයන කටයුතු අතරමඟ නතර කිරීමට ඉඩ දෙන්නේ නැහැ. කේ. අයි. යූ. විශ්වවිද්‍යාලයට පාඨමාලා ආරම්භ කරන ලෙස උපදෙස් ලබා දුන්නා.’