Home Politics News Room : වන සතුන්ගෙන් ගොවිතැනට වන හානිය නැති කරන්න තේරීම් කාරක සභාවක් ඕනෑ

News Room : වන සතුන්ගෙන් ගොවිතැනට වන හානිය නැති කරන්න තේරීම් කාරක සභාවක් ඕනෑ

1
0

වන සතුන්ගෙන් කෘෂිකර්මාන්තයට සිදු වන හානිය නැති කිරීම සඳහා සියලුම පක්ෂවල නියෝජිතයන් නියෝජනය වන පරිදි තේරීම් කාරක සභාවක් ස්ථාපිත කළ යුතු බවට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවසුවාය.

වන සතුන්ගෙන් කෘෂිකර්මාන්තයට සිදු වන හානිය නැති කිරීම පිළිබඳ කල් තබන යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් ඇමැතිවරිය මේ බව පැවසීය.

ඇමැතිවරිය මෙසේද පැවසීය.

මෙම ගැටලුවට ගත යුතු තීරණයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විදිහට එහිදී සාකච්ඡා කරනවා. ඒ සඳහා මේ ගැටලුවට අදාළ සියලු විද්වතුන් සම්බන්ධ කර ගැනීමට පියවර ගන්නවා.

අපි සියලුදෙනා එක්ව මේ ගැටලුවලට විසඳුම් ලබා දීමට අපි කටයුතු කරනවා. රට තුළ විවිධ ආගම් මතවාද තිබෙනවා. වඳුරා කිව්වාම, මිනිසා පරිවර්තනය වුණේත් වඳුරාගෙන් බව විද්‍යාත්මක පරිණාමවාදයෙන් ඔප්පු කර තිබෙනවා. තේරීම් කාරක සභාවක් ඇති කරලා ඒ සම්බන්ධයෙන් සිටින විද්වතුන් ඇතුළු කරගෙන කෘෂිකර්ම, පරිසර, ආරක්ෂක අමාත්‍යාංශයන්වල නිලධාරීන් ඒකාබද්ධව මීට විසඳුම් ලබාදිය යුතුයි. ආගමික නායකයන්, ස්වේච්චා සංවිධාන ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් කැඳවා තේරීම් කාරක සභාවක් ස්ථාපිත කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ යෝජනාව ආණ්ඩු පක්ෂය හා විපක්ෂය එක්ව ඉදිරිපත් කළ යෝජනාවක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here