Home World News Room : ආයුධ සන්නද්ධ කල්ලි­යක් නයි­ජී­රි­යාවේ පාස­ල­කට පැන සිසුන් 287ක් පැහැ­ර­ගෙන

News Room : ආයුධ සන්නද්ධ කල්ලි­යක් නයි­ජී­රි­යාවේ පාස­ල­කට පැන සිසුන් 287ක් පැහැ­ර­ගෙන

0
0

ආයුධ සන්නද්ධ කණ්ඩා­ය­මක් වයඹ දිග නයි­ජී­රි­යාවේ පාස­ල­කින් සිසුන් 287දෙනකු පැහැ­ර­ගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පැහැ­ර­ගැ­නී­මට ලක්වූ සිසුන් වයස අවු­රුදු 8ත්, 15ත් අතර පසු­වන බව ද වාර්තා වේ.

පාසල ආරම්භ කිරී­මට පෙර ක්‍රීඩා­පි­ටි­යේදී සිසුන් එක්රැස්ව සිටි අත­ර­තුර යතු­රු­පැ­දි­ව­ලින් පැමිණි තුව­ක්කු­ක­රු­වන් මේ පැහැ­ර­ගැ­නීම සිදු කළ බව ගුරු­ව­ර­යකු පොලි­සි­යට ප්‍රකාශ කර තිබේ

පැහැ­ර­ගැ­නීම අත­ර­තුර තුව­ක්කු­ක­රු­වකු සිසු­වි­ය­කට වෙඩි තැබූ බවත්, ඇය මේ වන විට රෝහ­ල­ගතව ප්‍රති­කාර ගන්නා බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ඒ මොහොතේ සිසුන් සමඟ සිටි ගුරු­ව­රයා පලා ගොස් ජීවි­තය බේරා ගෙන ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here