11
යොවුන් පාපන්දු ක්රීඩකයින්ගේ දක්ෂතා ඉදිරියට ගැනීමේ අරමුණින් සිටි පාපන්දු ලීගය තෙවැනි වරටත් සංචිධානය කරන ‘යූසුප් කුසලාන’ 19න් පහළ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සෝන්ඩර්ස් හා කොළඹ පාපන්දු සමාජ සුදුසුකම් ලබයි. මේ අවසන් තරගය හෙට (10) කොළඹ සිටි ලීග් පිටියේදී පස්වරු 4ට ආරම්භ වෙයි.
තරගාවලියේ ජයග්රාහී යොවුන් කණ්ඩායමට රුපියල් ලක්ෂ 1.5ක් හා අනුශූරයන්ට රුපියල් ලක්ෂයක තෑගි මුදලක් පිරිනැමෙන අතර, දක්ෂතම ක්රීඩකයන්ට වෙන වෙනම තෑගි පිරිනැමීමට සංවිධායකයන් කටයුතු යොදා ඇත.
අවසන් පූර්ව වටයේදී පසුගිය වසර දෙකේදීම ශූරතාව දිනාගත් ජාවාලේන් පිල ගෝල් 4-0කින් සෝන්ඩර්ස් හමුවේ පරාජයට පත්වූ අතර, ඊයේ පැවති අනෙක් අවසන් පූර්ව තරගයේදී කොළඹ පාපන්දු සමාජය ගෝල් 6-1කින් වික්ටරි පිල පරාජය කළේය. කොළඹ සමඟ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා සිටි රිනවුන් පිලේ ක්රීඩකයකු පිළිබඳ ගැටලුවක් හේතුවෙන් රිනවුන් තරගාවලියෙන් ඉවත් කිරීමට සිදුව තිබිණි.
ජාවාලේන් පිලට එරෙහි තරගයේදී සෝන්ඩර්ස් පිලේ අයි. මොහොමඩ් රියාස් ගෝල් 2ක්, මොහොමඩ් රියාස් හා ඩබ්ලිව්.වී. නිමාෂ ගෝලය බැගින් රැස් කළහ. කොළඹ – වික්ටරි තරගයේදී කොළඹ පිලේ උමාර් ෂකීල් ගෝල් 3ක් වාර්තා කළ අතර, මොහොමඩ් හම්ඩි, පී. සචින් හා මොහොමඩ් මනාෆ් ගෝල් වාර්තා තළ අතර, වික්ටරි පිලේ මොහොමඩ් සියාම් එකම ගෝලය ලැබීය.
ප්‍රින්ස් ගුණසේකර