මහ බැංකු සේවකයන්ට සියයට හැත්තෑවකින් වැටුප් වැඩි කිරීම රජය ආපස්සට හරවා නොගතහොත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අනෙක් කණ්ඩායම් ද මෙම වැටුප් වැඩි කරවා ගැනීමේ අරගලකාරී උත්සහයක නිරත වීමේ සාකච්ඡා අභ්‍යන්තර මට්ටමින් සිදු කරමින් සිටින බව ‘ඉරිදා මව්බිම’ ට වාර්තා වෙයි.
ඒ අනුව මීට අවශ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ග රැසක් කරළියට පැමිණීමට නියමිත බව ද දැනගන්නට ඇත.
මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් දැනටමත් සිදුකර ඇතැයි වාර්තා වේ.
විශේෂයෙන් ම රටේ උද්ධමන තත්ත්වයත් සමඟ සෑම රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයකුම මෙම අර්බුදයේ කොටස්කරුවන්ව සිටින අතර මහ බැංකු සේවකයන්ට පමණක් එසේ සියයට හැත්තෑවක් පඩි වැඩි කිරීම මුළුමනින් ම අසාධාරණයක් බවත් ඒ අනුව තම වැටුප ද ඉහළ දැමිය යුතු බවට රාජ්‍ය හා පෞද්ගලික සේවකයන් පෙළගැසෙමින් සිටින බවත් දැනගන්නට ඇත.
රාජ්‍ය සේවකයන් මෙන් ම පෞද්ගලික අංශ සේවකයන් ද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙන් ම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට ද මෙම ඉල්ලීම කර ඇති බව දැනගන්නට ඇත.
විශේෂයෙන් ම මහ බැංකු සේවකයන්ට වැටුප් වැඩි කිරීම අතිශය ඉහළ ප්‍රතිශතයකින් සිදුවී ඇති අතර යම් පමණකට හෝ රාජ්‍ය හා පෞද්ගලික අංශවලට එසේ පඩි වැඩි නොකරන්නේ මන්දැයි ඔවුන්ගේ තර්කය වී තිබේ.
මේ පිළිබඳව විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ‘ඉරිදා මව්බිම’ ට ප්‍රකාශ කළේ මහ බැංකු සේවකයන්ට වැටුප් වැඩි කිරීම ආණ්ඩුව මුල සිට දැනගෙන සිටි බවත්, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඒ බව නොදැන සිටින්නේ කෙසේදැයි යන්න ප්‍රශ්නයක් බවත්ය.
එම නිසා මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳ ආණ්ඩුවේ ප්‍රබලයන් මුල සිට දැන සිටි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පෙන්වා දුන්නේ ය. විශේෂයෙන් ම ආණ්ඩුවේ සාමාන්‍ය මන්ත්‍රීවරුන් ඒ බව නොදැන සිටීම පුදුමයට කාරණාවක් නොවන බව ද හෙතෙම සඳහන් කළේ ය.
ඔහු ප්‍රකාශ කළේ, යහපාලන සමයේ මහ බැංකු සංචිත බින්දුවට ම හින්ද වූ යුගයක් දැක ගන්නට ලැබුණු බවත් මහ බැංකුවේ සංචිත ආරක්ෂා කිරීම ඔවුන්ගේ මූලික වගකීම බවත්ය.
- අනුරාධා හේරත්, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය