Home Politics News Room : IMF සමඟ ජාජබ හෙට සාකච්ඡාවක ජාජබ ජාතික විධායක සභික...

News Room : IMF සමඟ ජාජබ හෙට සාකච්ඡාවක ජාජබ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති

0
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සමඟ හෙට (14) තම පක්ෂ මූලස්ථානයේදී සාකච්ඡාවක් පවත්වන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු එසේ ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හඳුන්නෙත්ති මහතා,

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපත් එක්ක සාකච්ඡා කරන්න අවශ්‍ය නම් ඔවුන්ට අපත් සමඟ කතා කිරීමට ඕනෑ තරම් ඉඩකඩ තිබෙනවා. ක්‍රමවේද තිබෙනවා. අපට ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය සමඟ කතා කිරීමට අවශ්‍ය නම් ඒකට ක්‍රමයක් තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම දැන් ලංකාවට පැමිණ තිබෙනවා. ඔවුන් මීට පෙරත් අපේ ආර්ථික කවුන්සිලය මුණගැසුණා. අපේ ස්ථාවරයන් ඔවුන්ට පැහැදිලි කළා. ලබන 14 වැනිදාත් නැවත ඔවුන් සමඟ සාකච්ඡාවක් සඳහා ඔවුන් අපෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම කණ්ඩායම සමඟ පෙර සාකච්ඡා කළ ආකාරයටම අපේ පක්ෂ මූලස්ථානයේදී සාකච්ඡා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියන දේ අප කෙලින් කියා තිබෙනවා. 14 දිනත් අපේ අදහස් ඔවුන් සමඟ ප්‍රකාශ කරනවා.

උපාලි කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here