Home Politics News Room : අනුර සහ සජිත් වෑයම් කරන්නේ මහ­පාරේ වේදි­කා­වල ඉඳන් ජනතා...

News Room : අනුර සහ සජිත් වෑයම් කරන්නේ මහ­පාරේ වේදි­කා­වල ඉඳන් ජනතා ප්‍රශ්න විස­ඳ­න්නයි

1
0

අනුර කුමාර සහ සජිත් ප්‍රේම­දාස උත්සහ කරන්නේ මහ පාරේ, වේදි­කා­වල ඉඳන් ජන­තා­වගේ ප්‍රශ්න විස­ඳී­මට බව එක්සත් ලක්ව­නිතා පෙර­මුණේ සභා­ප­තිනි හේවා­හැට ආස­නයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යිකා ශාන්තිනී කෝන්ග­හගේ මහ­ත්මිය පැවැ­සු­වාය.

සිරි­කොත පක්ෂ මූල­ස්ථා­නයේ පෙරේදා (14) පැවැති මාධ්‍ය හමු­වේදී අද­හස් දක්ව­මින් ඇය මේ බව සඳ­හන් කළාය.

එහිදී කෝන්ග­හගේ මහ­ත්මිය මෙසේ ද පැවැ­සු­වාය.

‘අනුර කුමාර සහ සජිත් ප්‍රේම­දාස උත්සහ කරන්නේ මහ පාරේ, වේදි­කා­වල ඉඳ­ගෙන ජන­තා­වගේ ප්‍රශ්න විස­ඳ­න්නයි. වර්ත­මාන ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා, ජනතා ප්‍රශ්න විස­ඳන්න හොඳම ස්ථානය පාර්ලි­මේ­න්තුව නිසා ඒ තුළ ජන­තා­වගේ ප්‍රශ්න කතා කරන්න ඔවුන්ට ආරා­ධනා කළත් ඔවුන් එය පිළි­ගන්න පාටක් පෙනෙන්න නැහැ.ජන­ප්‍රිය දේශ­පා­ල­නය නිසා රටේ ජන­තා­වට සුග­ති­යක් වෙන්නේ නැහැ.හර්ෂ ද සිල්වා මන්ත්‍රී­තු­මාගේ යෝජ­නාව අනුව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලත් සමඟ සාකච්ඡා කිරී­මට අව­ස්ථාව ලබා දෙන්නයි කියන ඉල්ලී­මට ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රති­චාර දක්ව­මින් සමඟි ජන බල­වේ­ග­යට එම අව­ස්ථාව දුන්නත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස, හර්ෂ ද සිල්වාට එම අව­ස්ථා­වට සහ­භාගී වීමට අව­ස්ථාව දුන්නේ නැහැ. සජිත් ප්‍රේම­දා­සගේ තීන්දු, තීරණ පිටි­පස්සේ ඉන්නේ කවු­රුන්ද කියන දේ දැන් හොඳා­කා­ර­වම මේ රට දන්නවා.තමන්ගේ දේශ­පා­ල­නය කරන්න රටක් අව­ශ්‍යයි කියන එක සජිත් ප්‍රේම­දාස මහතා තව­මත් තේරුම් අර­ගෙන නැහැ.

ඒ වගේම විප­ක්ෂය බොහෝ වෙලා­වට දරු­වන්ගේ අධ්‍යා­ප­නය සහ පෝෂණ තත්ත්වය ගැන කතා කර­නවා. වර්ත­මාන ජනා­ධි­ප­ති­ව­රයා දරු­වන්ගේ අධ්‍යා­ප­නය අඛ­ණ්ඩව පව­ත්වා­ගෙන යෑම සඳහා අවශ්‍ය පෝෂණ අව­ශ්‍ය­තා­වන් සපු­ර­මින් ඔවුන්ට අවශ්‍ය නිල ඇඳුම්, ආහාර, පාව­හන් වැනි දේවල් රජ­යෙන් යම් සහ­න­දායී ක්‍රම­ය­කට ලබා­දීම කර­නවා.ලංකාවේ පාස­ලක ඉගෙ­න­ගෙන දේශීය විශ්ව විද්‍යා­ල­ය­කට ගිහින් මෙරට දරු­වන්ගේ අව­ශ්‍යතා සහ ඔවුන්ගේ වුව­මනා පිළි­බඳ හොඳ අව­බෝ­ධ­යක් තිබෙන නාය­ක­යෙක් විදි­යට රනිල් වික්‍ර­ම­සිංහ මහතා හඳු­න්වන්න පුළු­වන්.

ජාතික අධ්‍යා­පන ප්‍රති­පත්ති රාමුව ක්‍රියා­ත්මක කිරීම ගැන ජනා­ධි­ප­ති­ව­රයා පසු­ගිය දින­වල සාකච්ඡා කළා.වසර දහ­තු­නක අධ්‍යා­ප­නය ලබා­දී­මත් ඔවුන්ගේ දක්ෂතා තිබෙන්නේ කුමන තැනක ද කියන එක පිළි­බ­ඳ­වත් රනිල් වික්‍ර­ම­සිංහ මහතා අව­බෝ­ධ­යෙන් යුතුව අවශ්‍ය පිය­වර ගෙන තිබෙ­නවා.’

එජාප කෘත්‍යා­ධි­කාරි මණ්ඩල සාමා­ජික කොළඹ දිස්ත්‍රික් කළ­ම­නා­කරු ලසන්ත ගුණ­ව­ර්ධන මහතා –

‘මේ වෙන­කොට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල, ශ්‍රී ලංකාව විසින් අත්පත් කර­ගත් ප්‍රග­තිය පිළි­බඳ ඔවුන්ගේ නිරී­ක්ෂණ ලබා­දෙ­මින් තිබෙ­නවා. ඒ වගේම රටේ ඉතිරි ණය ප්‍රති­ව්‍යු­හ­ගත වැඩ­පි­ළි­වෙළ කරන ආකා­රය සහ එහි ප්‍රග­තිය ගැන ජනා­ධි­ප­ති­ව­රයා විටින් විට අද­හස් දක්ව­නවා. රට වැටුණු වෙලාවේ ජනා­ධි­ප­ති­ව­රයා හිතුවේ රට ගැන මිසක් පක්ෂය ගැන නොවෙයි. බොහෝ අය අහන ප්‍රශ්න­යක් තමයි මේ හොර­කම් කළ සල්ලි ටික මේ රටට ගෙනල්ලා ඒ මුද­ල්ව­ලින් ලංකාව දියුණු කරන්න බැරි ඇයි කියන ප්‍රශ්නය. ලෝකයේ ඉන්න ප්‍රබ­ලම ධන­වතා ගාවට ගිහින් ඔහුගේ සල්ලි ගෙනා­වත් ලංකාවේ තිබෙන ණය ප්‍රශ්න විස­ඳන්න අමා­රුයි.

2015 යහ­පා­ලන ආණ්ඩු­වේදී හොරු අල්ලන වැඩේ බාර දුන්නේ ජනතා විමුක්ති පෙර­මු­ණ­ටයි. ජනතා විමුක්ති පෙර­මුණේ විජේ­පාල කියන මහ­ත්තයා තමයි ඒ කමි­ටුවේ ප්‍රධා­නියා වශ­යෙන් කට­යුතු කළේ.

නමුත් ඔවුන් කළේ ඒ ෆයිල් අරන් ගිහින් මාධ්‍ය සංද­ර්ශන පැවැ­ත්වීම පම­ණයි. ඒ ෆයි­ල්වල ඉන්න හොරු ඔවුන් ඇල්ලුවේ නැහැ. නමුත් අදත් ඔවුන් ඇවිත් හොරු අල්ල­නවා කියා කිය­නවා. ෆයිල් ටික තමන්ගේ අතේ තියා­ගෙන මිනි­ස්සුත් එක්ක බොරු රැලි නිර්මා­ණය කරන්නේ නැතිව උසා­වි­යට ගිහින් ඔවුන්ට විරු­ද්ධව පිය­වර ගත හැකියි කියන එක අපි මතක් කරන්න කැමැ­තියි.’

ශිරෝමි අබ­ය­සිංහ සහ මැද­කො­ළඹ සමූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here