1
“කෝප් සභාපති රෝහිත අබේගුණවර්ධන අපේ විජිත හේරත් සහෝදරයට එරෙහිව අපහාස නඩු දානකල් බලාගෙන ඉන්නවා“ යැයි ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේය.
ඒ මහතා මේ බව පැවසුවේ ගාල්ල සමෝදා උත්සව ශාලාවේ දී පෙරේදා (16) පැවැති රැස්වීමකදීය.
අපේ විජිත හේරත් සහෝදරයාට එරෙහිව රෝහිත අබේගුණවර්ධන උන්නැහේ එන්තරවාසි ලබන සතියේ එවනවා කියලා මාධ්‍යවල විකාශය වෙනවා අපි දැක්කා. අනේ ලොකු දෙයක්. ඉක්මනට නඩු දානවා නම් අපිත් ලෑස්තියි ඔප්පු කරන්න. ඒ නඩුව ඉක්මනට ගන්නවා නම් හොඳයි. අපිට සාක්ෂි ඕනෑ තරම් තිබෙනවා එයා කවුද කියලා ඔප්පු කරන්න. අපි උසාවියේ දී හමු වෙන්න කැමැතියි.
එයා උසාවි මග හැරල ගිය කෙනෙක්. අල්ලස් කොමිෂමට එන්න කීවම නයා ගහපු කෙනෙක්. අපි කැමතියි එයා නඩු දානවාට උසාවියේ දී හමුවෙන්න පුළුවන්. අපි හරිම කැමතියි එයා අපිට එන්තරවාසා එව්වොත් ඉක්මනට උත්තර දෙනවා. රජයේ මුදල් ආරක්ෂා කිරීම ගැන ජනතාවට වගකියන්නේ කෝප් කමිටුවයි. ඒ නිසා අපි හරි කැමැතියි ඒ දෙවල්වල ඇත්ත නැත්ත උසාවියේ දී කතා කරන්න.
අද ඖෂධ වංචාවක් ගැන නඩුව යනවා. ආර්ථික සංවර්ධනයක් මෙන්ම චින්තන විප්ලවයක් ද මේ රටට අවශ්‍යයි. කසාවත දරන ස්වාමීන් වහන්සේලාට ඒ සඳහා විශාල හැකියාවක් තිබෙනවා යැයිද හෙතෙම කීවේය.
දික්වැල්ල – තිලකරත්න ගාල්ල – උතුර සමූහ