18
ඕනෑම පක්ෂයක් තුළ ඡන්දයට කැමති හා අකමැති පිරිස් ඉන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. ඒත් අවසාන තීරණය පක්ෂය විසින් ගන්නා තීරණය පමණක් බව හෙතෙම කීවේය.
උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.
ඡන්ද පැවැත්වීමට අකමැති වීම අද ඊයේ සිද්ධ වුණ දෙයක් නෙවෙයි. හැත්තෑ පහේ තියන්න ඕන ඡන්දය හැත්තෑ හත දක්වා කල් දැමුවා. ඒ වගේම අවුරුදු දාහතක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය අතීතයේ ඡන්ද කල් දැමුවා. යහපාලන ආණ්ඩුව පළාත් සභා විසුරුවා හැරියා අද වෙනතුරු ඡන්ද නෑ. දැන් පළාත් පාලන ඡන්දෙ නෑ. ඉතින් එහෙමයි කියලා ඡන්ද පැවැත්වීම නොකර ඉන්න බෑ. මහින්ද ජනාධිපතිවරයාගේ කාලේ වෙලාවට ඡන්දය තිබ්බා. මම කියන්නෙ මහ මැතිවරණයක් තිබ්බොත් සැබෑ ජන මතය බලා ගන්න පුළුවන් කියලා. පක්ෂය ඇතුළේ පෞද්ගලික මත තියෙන්න පුළුවන්. මැතිවරණ එපා කියන්න පුළුවන්. හැබැයි ඒවා පෞද්ගලික මත විතරයි. පක්ෂය තීරණය කළොත් මොකක්ද තියන්න ඕනෙ මැතිවරණය කියලා, ඊට හැම දෙනාම සහයෝගය දිය යුතුයි.
නුවන් කොඩිකාර