Home Politics News Room : ඡන්ද­යට කැමති – අක­මැති පිරිස් ඕනෑම පක්ෂ­යක ඉන්නවා

News Room : ඡන්ද­යට කැමති – අක­මැති පිරිස් ඕනෑම පක්ෂ­යක ඉන්නවා

2
0

ඕනෑම පක්ෂ­යක් තුළ ඡන්ද­යට කැමති හා අක­මැති පිරිස් ඉන්නා බව පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා පැවැ­සීය. ඒත් අව­සාන තීර­ණය පක්ෂය විසින් ගන්නා තීර­ණය පම­ණක් බව හෙතෙම කීවේය.

උත්ස­ව­ය­කින් අන­තු­රුව මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් මන්ත්‍රී­ව­රයා මේ බව සඳ­හන් කළේය.

මන්ත්‍රී­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේ ද පැවැ­සීය.

ඡන්ද පැවැ­ත්වී­මට අක­මැති වීම අද ඊයේ සිද්ධ වුණ දෙයක් නෙවෙයි. හැත්තෑ පහේ තියන්න ඕන ඡන්දය හැත්තෑ හත දක්වා කල් දැමුවා. ඒ වගේම අවු­රුදු දාහ­තක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය අතී­තයේ ඡන්ද කල් දැමුවා. යහ­පා­ලන ආණ්ඩුව පළාත් සභා විසු­රුවා හැරියා අද වෙන­තුරු ඡන්ද නෑ. දැන් පළාත් පාලන ඡන්දෙ නෑ. ඉතින් එහෙ­මයි කියලා ඡන්ද පැවැ­ත්වීම නොකර ඉන්න බෑ. මහින්ද ජනා­ධි­ප­ති­ව­ර­යාගේ කාලේ වෙලා­වට ඡන්දය තිබ්බා. මම කියන්නෙ මහ මැති­ව­ර­ණ­යක් තිබ්බොත් සැබෑ ජන මතය බලා ගන්න පුළු­වන් කියලා. පක්ෂය ඇතුළේ පෞද්ග­ලික මත තියෙන්න පුළු­වන්. මැති­ව­රණ එපා කියන්න පුළු­වන්. හැබැයි ඒවා පෞද්ග­ලික මත විත­රයි. පක්ෂය තීර­ණය කළොත් මොකක්ද තියන්න ඕනෙ මැති­ව­ර­ණය කියලා, ඊට හැම දෙනාම සහ­යෝ­ගය දිය යුතුයි.

නුවන් කොඩි­කාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here