Home Politics News Room : මෙවර එජාප මැයි රැලිය විශාල ජන ඒක­රා­ශි­ය­කින් නිද­හස් චතු­ර­ශ්‍ර­යේදී

News Room : මෙවර එජාප මැයි රැලිය විශාල ජන ඒක­රා­ශි­ය­කින් නිද­හස් චතු­ර­ශ්‍ර­යේදී

1782545
0

එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි දින සැම­රුම විශා­ල­තම ජන ඒක­රා­ශි­ය­කින් යුතුව කොළඹ නිද­හස් චතු­රශ්‍ර පරි­ශ්‍රය අසල පැවැ­ත්වී­මට කට­යුතු සංවි­ධා­නය කෙරෙ­මින් තිබෙන බව හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරු­ණා­නා­යක මහතා පැව­සීය.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිං­හගේ රට ගොඩ­නැ­ඟීමේ වැඩ­පි­ළි­වෙ­ළට සහාය දක්ව­මින් සංවි­ධා­නය කෙරෙන එම මැයි දින රැලිය අති­සා­ර්ථක කර ගැනීම සඳහා පක්ෂයේ සියලු සංවි­ධා­ය­ක­යන්ගේ සහ­යෝ­ගය උප­රි­ම­යෙන් ලබා­දෙන ලෙස ඉල්ලා සිටින බව ද හිටපු අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේය.

හිටපු මුදල් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරු­ණා­නා­යක මහතා මේ බව සඳ­හන් කර සිටියේ කොළ­ඹදී පසු­ගි­යදා (14) පැවති මාධ්‍ය හමු­ව­කදී අද­හස් දක්ව­මිනි.

ආර්ථික අර්බු­දය හමුවේ කඩා­වැ­ටුණු රට මේ වන විට නිවැ­රදි මාව­තට ගැනී­මට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සමත්ව ඇති බවත් ඒ හමුවේ විදෙස් සංචිත ඩොලර් බිලි­යන 5ක් දක්වා වර්ධ­නය වී එහි වාසිය ජන­තාව වෙත ලැබී තිබෙන බවත් සඳ­හන් කළේය.

එම සාර්ථ­ක­ත්වය ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ පැස­සු­මට ලක්ව තිබෙන බවත් පැවසූ හිටපු අමා­ත්‍ය­ව­රයා එබැ­වින් ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ තෙවැනි වාරි­කය අනි­වා­ර්ය­යෙන් හිමි­වනු ඇති බවත් පැව­සීය.

මෙහිදී හිටපු මුදල් අමාත්‍ය රවි කරු­ණා­නා­යක වැඩි­දු­ර­ටත් මෙසේද සඳ­හන් කළේය.

එළැ­ඹෙන මැයි දින සැම­රුම අති­වි­ශාල ජන ඒක­රා­ශි­ය­කින් යුතුව කොළඹ නිද­හස් චතු­රශ්‍ර පරි­ශ්‍රය අසල පැවැ­ත්වී­මට එක්සත් ජාතික පක්ෂය තීර­ණය කර තිබෙ­නවා. මැයි රැලිය කොළඹ පැවැ­ත්වූ­වත් එය වඩාත් සාර්ථක කර ගන්නට එක්සත් ජාතික පක්ෂයේ සියලු සංවි­ධා­ය­ක­යන් සහ අනු­බද්ධ සංවි­ධා­න­වල සහාය අපේක්ෂා කර­නවා. මෙවර මැයි දින සැම­රුමේ අපේ­ක්ෂාව වන්නේ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ රට ගොඩ­න­ඟන වැඩ­පි­ළි­වෙ­ළට සහාය දැක්වී­මයි. ඒ කට­යුතු සාර්ථක කර ගන්නට සියලු දෙනා එක­මු­තුව කට­යුතු කිරී­මට අව­ශ්‍යයි.

මේ වන විට රට නිවැ­රදි මාව­තට පැමිණ තිබෙ­නවා. ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා භාර­ගත් අභි­යෝ­ගය සාර්ථක ලෙස ඉටු කර­මින් සිටි­නවා. ඇත්ත වශ­යෙන්ම මේ රට සංව­ර්ධ­නය කිරී­මට නම් තර­ග­කාරී ආර්ථි­ක­යක් ඇති කළ යුතුයි. තර­ග­කා­රී­ත්වය තුළ මිල සම­තු­ලි­ත­තා­වක් ඇති වෙනවා. තව­දු­ර­ටත් කෝටා ක්‍රමය සාර්ථක නෑ. ඒ වගේම එය අසා­ර්ථක වගේම දූෂිත බවත් තහ­වු­රුව තිබෙ­නවා.

මේ වන විට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ වැඩ­පි­ළි­වෙළ නිසි මූල්‍ය වින­යක් ඇතිව නිවැ­රදි මාර්ගයේ ගමන් කරන බව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ පවා පැස­සු­මට ලක්ව තිබෙ­නවා. ජන­තාව යම් පීඩ­න­ය­කට ලක්ව සිටින බව ඇත්ත. නමුත් තිබුණු තත්ත්ව­යට සාපේ­ක්ෂව යහ­පත් තැන­කට රට ගෙන­විත් තිබෙ­නවා.

ඇතැම් ආය­තන විවිධ සමී­ක්ෂණ වාර්තා එළි­ද­ක්ව­මින් IMF සමඟ වැඩ­පි­ළි­වෙළ සාර්ථ­කව ඉදි­රි­යට ගෙන­යෑ­මට රජය අස­මත් බව පව­ස­නවා. නමුත් කිසිම දෙයක් අංග­ස­ම්පූර්ණ කිරී­මට නොහැකි බව අප තේරු­ම්ගත යුතුයි. ඔය ආය­තන සමී­ක්ෂණ වාර්තා කියලා එළි­ද­ක්වන්නේ විප­ක්ෂයේ අව­ශ්‍ය­තාව බවත් සිහි­පත් කළ යුතුයි. නමුත් දත්ත අනුව රජය ආදා­යම් වැඩි කර­ගෙන තිබෙ­නවා. ජන­තාව තව­දු­ර­ටත් පීඩා­වට පත්කි­රී­මට නොහැ­කියි. ජන­තාව අන­වශ්‍ය ලෙස පීඩා­වට පත්කළ නොහැ­කියි. ඒ බව කවු­රුත් පිළි­ගෙන කට­යුතු කළ යුතුයි. විදුලි බිල පසු­ගිය සමයේ ඉහළ දැමී­මට සිදු වුණා. නමුත් මණ්ඩ­ලයේ ණය ගෙවා සහ­න­යක් ලබා­ගෙන, ජල විදුලි උත්පා­ද­නය වැඩි වශ­යෙන් සිදු කිරී­මට පහසු වූ පසු­බිම තුළ ඉහළ දැමූ විදුලි බිල විශාල ප්‍රමා­ණ­ය­කින් පහළ දමා ජන­තා­වට ඒ සහ­නය ලබා­දී­මට ආණ්ඩුව කට­යුතු කළා.

පරාටේ නීතිය අත්හි­ටු­වී­මට කට­යුතු කළොත් බැංකු කඩා වැටෙයි කිව්වා. ලෝකය පුරා බැංකු තිබෙ­නවා. පරාටේ නීතිය තිබිලා බැංකු කඩා වැටිලා නැද්ද? ඔය කතා මහ බැංකුව පහ­සු­වට කියන කතා. මහ බැංකුවේ වැඩ­ව­ලින් ආණ්ඩු­වක් පෙර­ළන්න වුණත් පුළු­වන්.

බැංකු ණය නොගෙවා ඉන්නේ 5%ක් වගේ ඉතාම සුළු­ත­ර­යක්. 95%ක් ආත්ම ගෞර­ව­යක් ඇතිව ණය ගෙවන්න කට­යුතු කර­නවා. වංච­නික ලෙස ණය නොගෙවා සිටි­නවා නම් ඊට එරෙ­හිව කට­යුතු කළ යුතුයි. නමුත් සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යාපාර ණය ගත්තේ පොලිය 10% -12%ට තිබි­ය­දීයි. නමුත් පොලිය 30%ට ඉහළ දැම්මට පස්සේ ඒ මිනිස්සු කොහො­මද එක­පා­ර­ටම ඒ වැඩි වුණු ප්‍රමා­ණය ගෙවන්නේ?

මහ බැංකුව පසු­ගි­යදා ඔවුන්ගේ වැටුප් ඉතාම අසා­ධා­රණ ලෙස වැඩි කර ගත්තා. දැන් ඒ ආකා­ර­යට හැසි­රීම වළ­ක්වන්න නීති ගේන්න සාකච්ඡා කර­නවා. නමුත් මම මුලින්ම ඔය අන­තුර පෙන්වා දුන්නා. මහ බැංකුව එහිදී කට­යුතු කළේ, Ò මම කියන දේ කරන්න:හැබැයි මම කරන දේ කරන්න එපාÓ කියන ආකා­ර­ය­ටයි. ඒ නිසා මේ වගේ කට­යුතු පාල­නය කිරී­මට නීති අව­ශ්‍යයි.

ශිරෝමි අබ­ය­සිංහ සහ මැද කොළඹ සමූහ – ආරි­ය­රත්න ගනේ­ගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here