Home Politics News Room : රට වටෙන් සෙනඟ ඇද ජවි­පෙට රැස්වීම් තියන්න මෙත­රම් සල්ලි...

News Room : රට වටෙන් සෙනඟ ඇද ජවි­පෙට රැස්වීම් තියන්න මෙත­රම් සල්ලි කොහෙන්ද?

2500
0

ජනතා විමුක්ති පෙර­මු­ණට තරම් නඩු කියන්න අපට සල්ලි නැති නිසා අධි­ක­රණ තීන්දු­වට ගරු කර පක්ෂ­යෙන් ගිය අය නැවත පක්ෂය තුළට ගත් බවත් රැකි­යා­වක්, ව්‍යාපා­ර­යක් නැති දේශ­පා­ලන පක්ෂ මේ තරම් රට වටින් සෙනඟ ඇද රැස්වීම් කරන්න සල්ලි හොයන්නේ කෙසේ ද කියා සිතා බැලිය යුතු බවත් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මහ ලේකම් ශාරතී දුෂ්මන්ත මිත්‍ර­පාල පව­සයි.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ දෙවි­නු­වර ආසන බල­ම­ණ්ඩල රැස්වීම අම­ත­මින් දුෂ්මන්ත මිත්‍ර­පාල මහතා ඒ බව පැව­සීය. දෙවි­නු­වර ආසන සංවි­ධා­යක නිලංග හෙන්දා­වි­තා­රණ මහ­තාගේ දෙවි­නු­වර නිවෙ­සේදී පෙරේදා (16) දහ­වල් පැවති රැස්වීම අම­ත­මින් මිත්‍ර­පාල මහතා වැඩි­දු­ර­ටත් මෙසේ ද කීවේය.

දරු­වන් මන්ද­පෝ­ෂ­ණ­යෙන් සිටි­යදී අසූචි නැව­කට රුපි­යල් කෝටි එක­සි­ය­අනූ දෙකක් ගෙවූ රටක් මේක. ගොඩක් පිටු පෙර­ළපු ගෝඨා­භ­යගේ පොත අප කිය­වන්නේ නෑ. මොකද ඔහු මේ රට දාපු අමා­රුව අප හොඳට දන්නවා. එයා ද ඒක ලිව්වේ වෙනත් කෙනෙක් ද ලිව්වේ කියා සිතා බැලිය යුතුයි. එයා ජන­තා­වට පොත් පෙර­ළලා ජන­තාව අමා­රුවේ දමා දැන් පොත් ලිය­නවා. මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී අප රනිල්ට. සමඟි ජන බල­වේ­ග­යට හෝ ජනතා විමුක්ති පෙර­මු­ණට අපේ සහාය දෙන්නේ නෑ. අප­ටත් ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යෙක් ඉන්නවා. අප එය වෙලා­වට ඉදි­රි­පත් කර­නවා. එදා පොහො­ට්ටු­වට ඡන්දය දුන් පිරිස අද යන්නේ කොහේ­දැයි නොදැන අන්ද­මන්ද වී සිටි­නවා. එම පිරි­සට අප නාය­ක­ත්වය ලබා­දිය යුතුයි. රට ගැන අව­බෝ­ධ­යක් නැති, වෙන වෙන අද­හස් ඇති පිරි­ස­කට මේ රටේ පාල­නය යන්න ඉඩ දෙන්න එපා.

මෙම අව­ස්ථාව අමතා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායක හිටපු දකුණු පළාත් ආණ්ඩු­කාර හේමාල් ගුණ­සේ­කර, දෙවි­නු­වර ආසන සංවි­ධා­යක නිලංග හෙන්දා­වි­තා­රණ මහ­ත්ව­රුන් ඇතුළු තවත් කීප­දෙ­නකු කතා කළ අතර දිස්ත්‍රික් සංවි­ධා­ය­ක­වරු, හිටපු ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­ව­රුන් ඇතුළු පිරි­සක් ද එක්ව සිටි­යහ.

ගන්දර සමූහ – ජය­සිරි පේදු­රු­ආ­රච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here