Home Politics News Room : වළට වැටී ගොඩ එන­වාට වඩා වළට නොවැටී සිටී­මට වාරණ...

News Room : වළට වැටී ගොඩ එන­වාට වඩා වළට නොවැටී සිටී­මට වාරණ නියෝ­ගය ගත්තා

3
0

තරා­ති­රම නොබලා විනය ක්‍රියා­මාර්ග ගන්නා බවට පක්ෂ නාය­කයා නමක් නොකියා විවිධ අව­ස්ථා­වල ප්‍රකාශ කළ බවත් ඔහු පව­සන්නේ තමන් ගැන යැයි හැඟී ගිය නිසා පක්ෂයේ තන­තු­රු­ව­ලින් තමන් ඉවත් කිරීම වළ­ක්වා­ල­මින් අධි­ක­ර­ණය මඟින් වාරණ නියෝ­ග­යක් ලබා­ගත් බවත් සමගි ජන­බ­ල­වේ­ගයේ සභා­පති, පාර්ලි­මේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පව­සයි.

තමන්ට එරෙ­හිව පක්ෂය මඟින් විනය ක්‍රියා­මාර්ග ගන්නා බවට මාධ්‍ය මඟින් ද නොයෙක් වාර්තා පළ වූ බවත් ඒ සියල්ල සලකා වළට වැටී ගොඩ එන­වාට වඩා වළට නොවැටී බේරීම සඳහා අදාළ තීර­ණය ගත් බවත් ඒ මහතා කීය.

මහ­නු­වර පැවැති නිර්පා­ක්ෂික උද්ඝෝ­ෂ­ණ­ය­කට එක්වෙ­මින් මන්ත්‍රී­ව­රයා මේ බව පැව­සු­වේය.

මේ ආකා­ර­යේම තීන්දු­වක් ජේ.ආර්. ජය­ව­ර්ධන මහතා විසින් ද ඩඩ්ලි සේනා­නා­යක මහ­තාට විරු­ද්ධව ලබා­ගෙන තිබෙන බව ද හෙතෙම අව­ධා­ර­ණය කළේය.

ඔළු ගෙඩි ගණන වැඩි­කර ගැනී­මට ඕනෑම කුණු ජරා­වක් බදා ගනි­මින් සිදු කරන දේශ­පා­ල­නය අනු­මත කළ නොහැකි බවත් විවිධ පුද්ග­ල­යන්ගේ සහය ලබා ගැනීම පක්ෂ­ය­කට අව­ශ්‍යය වුවත් දේශ­පා­ල­න­ඥ­යින් ප්‍රති­ප­ත්ති­ග­රු­කව වැඩ කිරීම ඊට වඩා වැද­ගත් බවත් ෆොන්සේකා මහතා කීවේය.

අසේල කුරු­ළු­වංශ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here