Home Politics News Room : මට ඉංග්‍රීසි බෑ මගේ ඉංග්‍රීසි බර වැඩියි කියන්නේ නූගත්...

News Room : මට ඉංග්‍රීසි බෑ මගේ ඉංග්‍රීසි බර වැඩියි කියන්නේ නූගත් අය

54780
0

“ඇතැ­මුන් විටෙක කිය­නවා මට ඉංග්‍රීසි භාෂාව බෑ කියලා. ආයෙ කිය­නවා මගේ ඉංග්‍රීසි භාෂාව බර වැඩියි කියලා. මේ චෝදනා දෙකෙන් වැට­හෙන්නේ ඔවුන්ගේ නූග­ත්කම.” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැවැ­සු­වේය. විපක්ෂ නාය­ක­ව­රයා මේ බව පැවැ­සුවේ පෙරේදා (17) මාතර, මාලි­ම්බඩ ශ්‍රී සුමේධ මහා විද්‍යා­ල­යට සුහුරු පන්ති කාම­ර­යක් දීමේ උත්ස­ව­යේ­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ විපක්ෂ නාය­ක­ව­රයා මෙලෙස ද කීවේය.

“මම ගල්කිස්ස ශාන්ත තෝමස් ප්‍රාථ­මික විද්‍යා­ලයේ සහ කොළඹ රාජ­කීය විද්‍යා­ලයේ ඉගෙන ගෙන එංග­ල­න්තයේ සාමාන්‍ය පෙළ හදා­ර­න්නට ගියා. සිංහ­ලෙන් ඉගෙන ගත්ත මම එක­වර ඉංග්‍රී­සි­යෙන් ඉගෙන ගැනී­මට සිදු වීමෙන් ලොකු අප­හ­සු­තා­ව­කට පත් වූණා. මම ගොඩක් මහන්සි වී ඉංග්‍රීසි භාෂාව හැදෑ­රුවා. ඒෂියා වීක්, ටයිම්ස්, ගාඩි­යන්, නිව්යෝර්ක් ටයිම්ස්, වොෂි­න්ටන් පෝස්ට් ආදී ජාත්‍ය­න්තර පුව­ත්පත් සඟරා මා කියෙව්වා. ඒවා භාවිත කරන විට මට වැර­දුණා. මං වැරදි වැරදි නිවැ­රැදි වුණා. මම මේ පාස­ලට දුන් උප­ක­රණ භාවිත කර­මින් අන්ත­ර්ජා­ලයේ ඇති විශේෂ වැඩ­ස­ට­හන් නර­ඹන්න දරු­වන්ට අව­ස්ථාව දෙන්න. එවිට ඔවුන්ගේ භාෂා දැනුම දියුණු කළ හැකියි. අන්න එහෙම තමා මගේ ඉංග්‍රීසි භාෂා දැනුම වැඩි දියුණු කර ගත්තේ. එක වෙලා­වක මට චෝදනා කර­නවා ඉංග්‍රීසි භාෂාව බෑ කියලා. දැන් මට චෝදනා කර­නවා මගේ ඉංග්‍රීසි බර වැඩියි කියලා. ඔහොම දේවල් කියන්නේ මේ අපේ රටේ විත­රයි. මේ චෝදනා දෙකෙන්ම තේරෙන්නේ මොකක්ද අපේ නූග­ත්කම. අලුත් දේව­ල්ව­ලට තියෙන බිය සැක සංකා. අපි තව­මත් සිතන්නේ දූපත් මාන­සි­ක­ත්ව­යෙන්. නමුත් අප ජාත්‍ය­න්ත­ර­යත් සමඟ තරග කළ හැකි සුහුරු පුර­වැ­සි­යන් බිහි කළ යුතු කාලය එළැඹ තිබෙ­නවා.”

වජිර පූජිත ගුණ­ව­ර්ධන තෙලි­ජ්ජ­විල සමූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here