සංචාරක වීසා මත මෙරට රැඳී සිටිමින් විදෙස් ජාතිකයන් විසින් කිසිදු නියාමනයකට ලක් නොවී පවත්වා ගෙන යනු ලබන මාර්ගගත ණය ලබා දීමේ ආයතන පිළිබඳ මනා පරීක්ෂණයක් කර රටට අනාවරණය කරන්නැයි ඉල්ලා නව ජනතා පෙරමුණ ඊයේ (ජූනි 19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
විශේෂයෙන් මෙය මූල්‍ය අපරාධයක් බැවින් මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවට ද පසුගියදා ලිඛිතව පැමිණිල්ලක් සිදු කළ බව නව ජනතා පෙරමුණේ මධ්‍යම කාරක සභික ගයාත්‍රි සොයිසා පැවසීය.
අන්තර්ජාල මාර්ගගත ක්‍රම ඔස්සේ ණය ලබා ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යසනය නියාමනය කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු නිරාවරණය කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.
ඔහු තවදුරට ත් සඳහන් කළේ, අන්තර්ජාලය ඔස්සේ මෙම ණය දෙන ආයතන සම්බන්ධයෙන් ප්‍රවර්ධන වැඩසටහන් ෆේස්බුක්, වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ වන විට ප්‍රවර්ධනය කරමින් හා ක්‍රියාත්මක වෙමින් පවතින බව ත් රට ආර්ථික වශයෙන් කඩා වැටී ගොඩ එන මේ මොහොතේ මෙමඟින් සමාජ ව්‍යසනයක් ඇති විය හැකි බවට අනතුරු අඟවන බව ත් ය.
විශේෂයෙන් පාසල් යන වයසේ දරුවන් මෙයට ප්‍රධාන වශයෙන් ගොදුරු විය හැකි වගේ ම මෙම උගුලේ පැටලි ණය ගෙවා ගැනීමට නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස සියදිවි නසා ගැනීමේ ප්‍රතිශතය ද මේ නිසා වැඩි විය හැකි බව ඔහු පැවසීය.
ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, ඉහත කරුණු සැලකිල්ලට ගෙන මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගේ ම අනෙක් සියලු ආයතන ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර මීට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඉල්ලා සිටින ලෙස ය.