Home Local News Room : වතුකරයේ තරුණ සමුළුවක් – මව්බිම

News Room : වතුකරයේ තරුණ සමුළුවක් – මව්බිම

0
0

වතුකරයේ තරුණ සමුළුවක් පැවැත්වීමට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

වැවිලි ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාතික වැඩසටහනේ (NAAM 200) එක් අංගයක් වශයෙන් මෙම තරුණ සමුළුව පවත්වන බව රජය සඳහන් කරයි.

‘තරුණ අරුණ’ ලෙස නම් කර ඇති මෙම සමුළුව තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් අනිද්දා (ජූනි 22) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ මහනුවර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රධානත්වයෙන් යුතුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් පවතින AIESEC ස්වෙච්ච්ජා සංවිධානයේ සහයෝගයෙන් එම සමුළුව සංවිධානය කරන බව රජය පවසයි.

මීට සමගාමීව රැකියා පොළක් පැවැත්වීම සඳහා ලංකා වාණිජ මණ්ඩලය එකඟතාව පළ කර ඇතැයි රජය වැඩිදුරටත් පැවසීය.

පෙර ලිපියකොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ජූලි 8 වන දා සිට ඇරඹේ
ඊලග ලිපියඅගෝස්තුවේදී අලි ගණන් ගනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here