ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම් සිදු කරන ආයතන රටේ බංකොලොත්භාවය තීරණය කරන බව ත් රටේ පාලකයන්ට එය තීන්දු කළ නොහැකි බව ත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
තවමත් සමහර ශ්‍රේණිගත කිරීම් අනුව, අප රට බංකොලොත්භාවයෙන් මිදී ඇති තත්ත්වයට පැමිණ නැතැයි විපක්ෂ නායකවරයා කීවේය.
විභාගයකට පෙනී සිටීමෙන් පසු එහි ප්‍රතිඵල නිකුත් කරන්නේ, අදාළ අපේක්ෂකයන් නොව විභාග දෙපාර්තමේන්තුව බව ත් ඒ ආකාරයට රටේ පාලකයන්ට අප බංකොලොත් ද? නැද් ද? යන්න තීන්දු කළ නොහැකි බව ත් එය තීන්දු කරන්නේ ජාත්‍යන්තර ආයතන බව ත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වන විට රට බංකොලොත් වී අමාරු තැනක ඇති බව ත් බංකොලොත්භාවය යනු, ණය ගෙවා ගත නොහැකි වීම සේ ම ද්විපාර්ශ්වීය, බහු පාර්ශ්වීය සහ බැඳුම්කර යනාදී ණය වර්ග නැවත වරක් ණය ගෙවීමේ පහසුව ලැබෙන අවස්ථාවේදී බංකොලොත්භාවයෙන් මිදුණා යැයි කීමට නොහැකි බව ත් ඔහු සඳහන් කළේ ය.
රජය මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ Fitch සහ Moody’s ආයතන පවා නොසලකා හරිමින් රට බංකොලොත්භාවයෙන් මිදුණා යැයි බොරු ප්‍රකාශ සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.