Home Local News Room : නුවරඑළිය බස් නැවතුම්පොළේ වැසිකිළියට ගිය දෙදෙනෙක් සැකකටයුතු ලෙස මරුට

News Room : නුවරඑළිය බස් නැවතුම්පොළේ වැසිකිළියට ගිය දෙදෙනෙක් සැකකටයුතු ලෙස මරුට

0
0

නුවරඑළිය බස් නැවතුම්පොළේ පිහිටි පොදු වැසිකිළියට ගිය පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව නුවරඑළිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි පවසයි.

ඊයේ (ජූනි 26) පස්වරුවේ නුවරඑළිය බස් නැවතුම්පොළේ පිහිටි වැසිකිළියට ගිය නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72ක් වූ පුද්ගලයෙකු සහ අද (ජූනි 27) පෙරවරුවේ පොදු වැසිකිළියට ගිය බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක්වූ පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් ඇති බව ඔහු සඳහන් කළේ ය.

මිය ගිය පුද්ගලයන් දෙදෙනාගේ මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ.

එම මරණ සම්බන්ධයෙන් mawbima.lk පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් සිදු කළ විමසීමකදී එහි නිලධාරියෙකු සඳහන් කළේ, ඊයේ මිය පුද්ගලයාගේ හෘදයාබාධයක් වැළඳීමෙන් මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇති බව ය.

කෙසේ වෙතත්, මෙම මරණවලට නිශ්චිත හේතුව සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව එම නිලධාරියා පැවසීය.

මේ අතර, නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ ද සහය ඇතිව විමර්ශනයක් සිදු කරන තෙක් අදාළ වැසිකිළිය මුද්‍රා තැබිමට පියවර ගෙන ඇති බව නුවරඑළිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය.

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, එම වැසිකිළිය තුළින් දැඩි දුගන්ධයක් හමන අතර ඒ පිළිබඳව විමර්ශන කටයුතුවල අවධානය යොමු වි ඇති බව ය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මෙම මිය ගිය පුද්ගලයන් දෙදෙනා ම නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here