Home Politics News Room : ජන­පති සට­නට තවත් තිදෙ­නෙක් ඇප බඳිති

News Room : ජන­පති සට­නට තවත් තිදෙ­නෙක් ඇප බඳිති

0
0

2024 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඊයේ (09)මැති­ව­රණ කොමි­සම හමුවේ අපේ­ක්ෂ­ක­යන් තිදෙ­නෙක් ඇප මුදල් තැන්පත් කර තිබේ.ඒ අනුව ඊයේ (09) වන­විට ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා ඇප මුදල් තැන්පත් කළ මුළු අපේ­ක්ෂ­ක­යන් සංඛ්‍යාව 27ක් බව මැති­ව­රණ කොමි­සම සඳ­හන් කළේය.නව සම­ස­මාජ පක්ෂය වෙනු­වෙන් ප්‍රියන්ත පුෂ්ප­කු­මාර,ස්වාධීන අපේ­ක්ෂ­ක­යෙක් ලෙස එම්. තිල­ක­රාජා,අපේ ජන­බල පක්ෂය වෙනු­වෙන් ජේ. ඩී. කේ. වික්‍ර­ම­රත්න මහ­ත්ව­රුන් ඊයේ(09) ඇප තැන්පත් කරනු ලැබීය.

පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ 13ක් සහ වෙනත් පක්ෂ­යක් මෙන්ම ස්වාධීන අපේ­ක්ෂ­ක­යන් 13ක් ඊයේ මැති­ව­රණ කොමි­සම හමුවේ මේ වන­විට ඇප මුදල් තැන්පත් කර ඇත.ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වෙන දිනය මැති­ව­රණ කොමි­සම විසින් ප්‍රකා­ශ­යට පත් කිරී­මෙන් පසු පළ­මුව ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ ස්වාධීන අපේ­ක්ෂ­ක­යෙක් ලෙස ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසිනි.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන අපේ­ක්ෂ­ක­යන්ට ලබන අගෝස්තු 14 වැනිදා මධ්‍යහ්න 12 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැති­ව­රණ කොමි­සම කියයි.පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ­යක අපේ­ක්ෂ­ක­යකු වෙනු­වෙන් රුපි­යල් 50,000ක මුද­ලක් තැන්පත් කළ­යුතු වන අතර අනෙ­කුත් අපේ­ක්ෂ­ක­යකු වෙනු­වෙන් රුපි­යල් 75,000ක මුද­ලක් ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු වේ.

සුභා­ෂිණී සේනා­නා­යක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here