45
පුනරුද යුගයකට රට ගෙනයෑමේ අවස්ථාව උදාවී තිබෙනවා. ජනාධිපතිවරණය සුවිශේෂී ඓතිහාසික එකක් වන බව විශ්වාස යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
ඇය ඒ බව සඳහන් කළේ ඉකුත්දා (08) පැවති ජාතික ජන බලවේගයේ කාන්තාවෝ සමුළුවට එක්වෙමිනි.
වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙසේද පැවසූවාය.
සැප්තැම්බර් 21වැනිදා ජනාධිපතිවරණයට අපි මුහුණ දෙනවා. මේ ජනාධිපතිවරණය ඉතා සුවිශේෂීයි. ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා අපේ ජනාධිපති අපේක්ෂක ලෙස අපි ඉදිරිපත් කරනවා. පුරවැසි අපේක්ෂාව වන පුනරුද යුගයකට රට ගෙනයන්න මේ හරහා පුළුවන්. ජන අරගලයේ ඉදිරියෙන්ම සිටි ගැහැනු විශේෂ කාර්යභාරයක් ඉටුකළා.“ගැහැනු අපි එක මිටට” තේමා පාඨය යටතේ මාලිමාව වටා එකතු වුණු ගැහැනුන් විශාල දේශපාලනිකව සංවිධාන වීමක්, පිබිදීමක් ඇති වී තියෙනවා. නායකත්වය ගැනීමට ඔවුන් පෙරට එමින් සිටිනවා. සැප්තැම්බර් 21 ඓතිහාසික තීන්දුවත් සමඟ මේ රටේ කාන්තා නායකත්වයට බිය නැති පාලනයක් බිහිකර ගන්නා බව විශ්වාසයි. අපේ සහෝදරියන් කාන්තා නායකත්වය ගනිමින් ඉදිරි දින කීහිපයේ විශාල කාර්යභාරයක් කරන බව විශ්වාසයි. මාලිමාවේ ගැහැනුන්ගේ ජාතික සමුළුව අගෝස්තු 25 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතයි. රටේ ගැහැනු බලය, අනුර සහෝදරයා සමඟ එකට සිටගන්නා බව අපට විශ්වාසයි. ජනතාවාදී නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩි වැඩියෙන් කැපවෙමු කියා මම ආරාධනා කරනවා. පුනරුද යුගයේ ආරම්භය ගත යුතු නිසයි මේ ඡන්දය වෙනදාට වඩා බරකින් අපට දැනෙන්නේ.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ –
ජනාධිපතිවරණය පැවැත්වීමට සූදානම් වෙන මොහොතේ කාන්තා අපි වගකීමෙන් තීරණ ගත යුතුයි. දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතිකමය පුනරුද යුගයකින් රට ආරම්භ කළ යුතුයි. කාන්තා අපේ, රටේ දරුවන්ගේ හා සමස්ත ජනතාවගේ ජීවිත තීරණය කරන දවස සැප්තැම්බර් 21. ජාතික ජන බලවේග කාන්තාවන් ලෙස මැතිවරණය වෙනදාට වඩා බරකින් අපට දැනෙනවා. ඒ මේ රටේ පුනරුද යුගයේ ආරම්භය ගත යුතු නිසයි. පසුගිය කාලයේ ගමින් ගමට ගොස් කාන්තාවන් සංවිධාන කරමින් අපි දේශපාලන පෙරමුණ ගන්න යොමු කළා. කාන්තාවන් ලෙස ශක්තිමත් වී සියලු පුරවැසියන් නිවැරදි මාවතට ගෙනයෑමේ කාර්යභාරයට හොඳ නායකත්වයක් ගන්නා ඔබට ආරාධනා කරනවා. කළුතරින් කාන්තා රැලි මාලාවක් අපි ආරම්භ කරනවා. රට පුරාම රැලි මාලාව පවත්වනවා. අගෝස්තු 25දා ජාතික මහා රැලියක් කොළඹදී පවත්වනවා. ඡන්දය දිනට විතරක් දේශපාලනඥයන් එළියට බැස්ස කාන්තාවට අපි කෙතරම් දේශපාලනික සවිඥානිකත්වයක් දුන්නද කියලා අපි ඔප්පු කරනවා.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සරෝජා සාවිත්‍රි පෝල්රාජ්
එළඹෙන ජනාධිපතිවරණයට කුළුඳුල් ඡන්දදායකයන් ඇතුළුව එක්කෝටි හැත්තෑ එක්ලක්ෂයකට වැඩි ඡන්දදායකයන් ප්‍රමාණයක්, ඡන්දය භාවිත කරන්න නියමිතයි. අනුර කුමාර සහෝදරයාගේ ජයග්රහණයෙන් පසුව රටේ ආර්ථිකය ගොඩනඟා, නීතියේ ආධිපත්‍යය සහ විධානය තහවුරු කිරීම ප්රජාතන්ත්රවාදී අයිතීන් තහවුරු කරන්න අපි මූලිකත්වය ගන්නවා.
දේශපාලනය හොඳින් තේරුම් ගන්න ජනතාවට හැකියි. කාන්තාවන්ගේ ගෘහස්ථ ගැටලු, විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලු, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ප්‍රශ්න විසඳන්න ඇත්ත වුවමනාවක් තිබුණා නම්, ඒ සඳහා ඕනෑතරම් කාලය තිබුණා. ජනතාව බොරුවලින් රැවටිය නොහැකි බව අපට විශ්වාසයි. යැයි පැවසීය.
අමායා රන්දුනු