Home Politics News Room : ජන­තාව තවත් බොරු­වෙන් රව­ට්ටන්න බෑ

News Room : ජන­තාව තවත් බොරු­වෙන් රව­ට්ටන්න බෑ

0
0

පුන­රුද යුග­ය­කට රට ගෙන­යෑමේ අව­ස්ථාව උදාවී තිබෙ­නවා. ජනා­ධි­ප­ති­ව­ර­ණය සුවි­ශේෂී ඓති­හා­සික එකක් වන බව විශ්වාස යැයි ජාතික ජන බල­වේ­ගයේ ජාතික විධා­යක සභික, පාර්ලි­මේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මහ­ත්මිය පැව­සු­වාය.

ඇය ඒ බව සඳ­හන් කළේ ඉකුත්දා (08) පැවති ජාතික ජන බල­වේ­ගයේ කාන්තාවෝ සමු­ළු­වට එක්වෙ­මිනි.

වැඩි­දු­ර­ටත් පාර්ලි­මේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මහ­ත්මිය මෙසේද පැව­සූ­වාය.

සැප්තැ­ම්බර් 21වැනිදා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අපි මුහුණ දෙනවා. මේ ජනා­ධි­ප­ති­ව­ර­ණය ඉතා සුවි­ශේ­ෂීයි. ජාතික ජන බල­වේ­ගයේ නායක අනුර දිසා­නා­යක සහෝ­ද­රයා අපේ ජනා­ධි­පති අපේ­ක්ෂක ලෙස අපි ඉදි­රි­පත් කර­නවා. පුර­වැසි අපේ­ක්ෂාව වන පුන­රුද යුග­ය­කට රට ගෙන­යන්න මේ හරහා පුළු­වන්. ජන අර­ග­ලයේ ඉදි­රි­යෙන්ම සිටි ගැහැනු විශේෂ කාර්ය­භා­ර­යක් ඉටු­කළා.“ගැහැනු අපි එක මිටට” තේමා පාඨය යටතේ මාලි­මාව වටා එකතු වුණු ගැහැ­නුන් විශාල දේශ­පා­ල­නි­කව සංවි­ධාන වීමක්, පිබි­දී­මක් ඇති වී තියෙ­නවා. නාය­ක­ත්වය ගැනී­මට ඔවුන් පෙරට එමින් සිටි­නවා. සැප්තැ­ම්බර් 21 ඓති­හා­සික තීන්දු­වත් සමඟ මේ රටේ කාන්තා නාය­ක­ත්ව­යට බිය නැති පාල­න­යක් බිහි­කර ගන්නා බව විශ්වා­සයි. අපේ සහෝ­ද­රි­යන් කාන්තා නාය­ක­ත්වය ගනි­මින් ඉදිරි දින කීහි­පයේ විශාල කාර්ය­භා­ර­යක් කරන බව විශ්වා­සයි. මාලි­මාවේ ගැහැ­නුන්ගේ ජාතික සමු­ළුව අගෝස්තු 25 වැනිදා කොළ­ඹදී පැවැ­ත්වී­මට නිය­මි­තයි. රටේ ගැහැනු බලය, අනුර සහෝ­ද­රයා සමඟ එකට සිට­ගන්නා බව අපට විශ්වා­සයි. ජන­තා­වාදී නායක අනුර කුමාර දිසා­නා­යක සහෝ­ද­ර­යාගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් වැඩි වැඩි­යෙන් කැප­වෙමු කියා මම ආරා­ධනා කර­නවා. පුන­රුද යුගයේ ආර­ම්භය ගත යුතු නිසයි මේ ඡන්දය වෙන­දාට වඩා බර­කින් අපට දැනෙන්නේ.

ජාතික ජන බල­වේ­ගයේ ජාතික විධා­යක සභික සම­න්මලී ගුණ­සිංහ –

ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වී­මට සූදා­නම් වෙන මොහොතේ කාන්තා අපි වග­කී­මෙන් තීරණ ගත යුතුයි. දේශ­පා­ලන, ආර්ථික, සමාජ, සංස්කෘ­ති­ක­මය පුන­රුද යුග­ය­කින් රට ආරම්භ කළ යුතුයි. කාන්තා අපේ, රටේ දරු­වන්ගේ හා සමස්ත ජන­තා­වගේ ජීවිත තීර­ණය කරන දවස සැප්තැ­ම්බර් 21. ජාතික ජන බල­වේග කාන්තා­වන් ලෙස මැති­ව­ර­ණය වෙන­දාට වඩා බර­කින් අපට දැනෙ­නවා. ඒ මේ රටේ පුන­රුද යුගයේ ආර­ම්භය ගත යුතු නිසයි. පසු­ගිය කාලයේ ගමින් ගමට ගොස් කාන්තා­වන් සංවි­ධාන කර­මින් අපි දේශ­පා­ලන පෙර­මුණ ගන්න යොමු කළා. කාන්තා­වන් ලෙස ශක්ති­මත් වී සියලු පුර­වැ­සි­යන් නිවැ­රදි මාව­තට ගෙන­යෑමේ කාර්ය­භා­ර­යට හොඳ නාය­ක­ත්ව­යක් ගන්නා ඔබට ආරා­ධනා කර­නවා. කළු­ත­රින් කාන්තා රැලි මාලා­වක් අපි ආරම්භ කර­නවා. රට පුරාම රැලි මාලාව පව­ත්ව­නවා. අගෝස්තු 25දා ජාතික මහා රැලි­යක් කොළ­ඹදී පව­ත්ව­නවා. ඡන්දය දිනට විත­රක් දේශ­පා­ල­න­ඥ­යන් එළි­යට බැස්ස කාන්තා­වට අපි කෙත­රම් දේශ­පා­ල­නික සවි­ඥා­නි­ක­ත්ව­යක් දුන්නද කියලා අපි ඔප්පු කර­නවා.

ජාතික ජන බල­වේ­ගයේ ජාතික විධා­යක සභික සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට කුළු­ඳුල් ඡන්ද­දා­ය­ක­යන් ඇතු­ළුව එක්කෝටි හැත්තෑ එක්ල­ක්ෂ­ය­කට වැඩි ඡන්ද­දා­ය­ක­යන් ප්‍රමා­ණ­යක්, ඡන්දය භාවිත කරන්න නිය­මි­තයි. අනුර කුමාර සහෝ­ද­ර­යාගේ ජය­ග්‍ර­හ­ණ­යෙන් පසුව රටේ ආර්ථි­කය ගොඩ­නඟා, නීතියේ ආධි­ප­ත්‍යය සහ විධා­නය තහ­වුරු කිරීම ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අයි­තීන් තහ­වුරු කරන්න අපි මූලි­ක­ත්වය ගන්නවා.

දේශ­පා­ල­නය හොඳින් තේරුම් ගන්න ජන­තා­වට හැකියි. කාන්තා­වන්ගේ ගෘහස්ථ ගැටලු, විශ්‍රා­මි­ක­යන්ගේ වැටුප් ගැටලු, ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන්ගේ ප්‍රශ්න විස­ඳන්න ඇත්ත වුව­ම­නා­වක් තිබුණා නම්, ඒ සඳහා ඕනෑ­ත­රම් කාලය තිබුණා. ජන­තාව බොරු­ව­ලින් රැව­ටිය නොහැකි බව අපට විශ්වා­සයි. යැයි පැව­සීය.

අමායා රන්දුනු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here