56
2024 ජනාධිපතිවරණයට ඊයේ (09)මැතිවරණ කොමිසම හමුවේ අපේක්ෂකයන් තිදෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබේ.ඒ අනුව ඊයේ (09) වනවිට ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව 27ක් බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.නව සමසමාජ පක්ෂය වෙනුවෙන් ප්‍රියන්ත පුෂ්පකුමාර,ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස එම්. තිලකරාජා,අපේ ජනබල පක්ෂය වෙනුවෙන් ජේ. ඩී. කේ. වික්‍රමරත්න මහත්වරුන් ඊයේ(09) ඇප තැන්පත් කරනු ලැබීය.
පිළිගත් දේශපාලන පක්ෂ 13ක් සහ වෙනත් පක්ෂයක් මෙන්ම ස්වාධීන අපේක්ෂකයන් 13ක් ඊයේ මැතිවරණ කොමිසම හමුවේ මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇත.ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පළමුව ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට ලබන අගෝස්තු 14 වැනිදා මධ්‍යහ්න 12 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිසම කියයි.පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු වෙනුවෙන් රුපියල් 50,000ක මුදලක් තැන්පත් කළයුතු වන අතර අනෙකුත් අපේක්ෂකයකු වෙනුවෙන් රුපියල් 75,000ක මුදලක් ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු වේ.
සුභාෂිණී සේනානායක