Home Politics News Room : ජන­පති සට­නේදී අපේ අපේ­ක්ෂ­කයා කවුද කියා ලබන සතියේ කිය­න්නම්

News Room : ජන­පති සට­නේදී අපේ අපේ­ක්ෂ­කයා කවුද කියා ලබන සතියේ කිය­න්නම්

1
0

සිය පක්ෂයේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂ­කයා කවු­රුන්ද යන්න එළැ­ඹෙන සතියේ ප්‍රකා­ශ­යට පත් කරන බව එක්සත් ජන­රජ පෙර­මුණේ නායක පාර්ලි­මේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණ­වක මහතා පැවැ­සීය.

ඊයේ (09) මාධ්‍ය හමු­ව­කදී මන්ත්‍රී­ව­රයා මේ බව කියා සිටි­යේය. ජනා­ධි­ප­ති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් පසු­ගිය පෙබ­ර­වාරි මස 14 වැනිදා පොදු වැඩ­පි­ළි­වෙ­ළක් ඉදි­රි­පත් කළ බවත් ඒ සම්බ­න්ධ­යෙන් විවිධ දේශ­පා­ලන පක්ෂ සමඟ කළ සාක­ච්ඡා­ව­න්හිදී ධනා­ත්මක මෙන්ම ඍණා­ත්මක ප්‍රති­ඵල ලැබුණු බවත් ඒ මහතා කීය. ඒ සිය­ල්ලම විශ්ලේ­ෂ­ණය කර, පක්ෂයේ සාමා­ජි­ක­යන් සමඟ සාකච්ඡා කර ජනා­ධි­ප­ති­ව­ර­ණයේ අපේ අපේ­ක්ෂ­කයා කවුද යන්න එළැ­ඹෙන සතියේ ප්‍රකා­ශ­යට පත් කරන බව රණ­වක මහතා කියා සිටි­යේය.

සරත් ෆොන්සේකා මහ­ත්ත­යට අපි ගරු කර­නවා. මේ රටේ මිනි­ස්සුත් ගරු කර­නවා. මොකද මේ රටේ තිබුණු දැවැන්ත ත්‍රස්ත­වාදී පිළි­කාව නැති කර දමන්න එතුමා ශ්‍රී ලංකා සන්නද්ධ හමු­දා­ව­ලට දුන් නාය­ක­ත්වය ගැන. එතුමා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන බව ප්‍රකාශ කර තිබෙ­නවා. එතු­මාගේ අර­මුණ හැටි­යට මේ දූෂ­ණය තුරන් කිරීම යන අද­හස ඉදි­රි­පත් කර තිබෙ­නවා. එතුමා සමඟ අපි දේශ­පා­ලන සාක­ච්ඡා­වක් කර නෑ. නමුත් අපි පෞද්ග­ලික මට්ට­මෙන් එතුමා එක්ක සාකච්ඡා කර තිබෙ­නවා. එතු­මාගේ අර­මුණු සාක්ෂාත් කර­ගන්න ඉදි­රි­පත් වී තිබෙ­නවා. එතු­මාට අපි සුබ පත­නවා. අපේ අපේ­ක්ෂ­කයා එතු­මාද? නැත්නම් වෙන කෙනෙක්ද කියන එක අපි ලබන සතියේ ප්‍රකාශ කර­න­වායි යැයි ද ඔහු පැව­සීය.

නුවන් කොඩි­කාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here