5
2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඒ බව පැවසීය.
පෙරේදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමේ වැඩසටහනට එක්වන පිරිසට මන්ත්‍රී අසංක නවරත්න මහතාද එක්වන බව පවසා තිබුණ ද අවසන් මොහොතේ දී පවා මන්ත්‍රීවරයා හෝ ඔහුගේ දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ කිසිවෙකුත් ඊට එක්ව සිටියේ නැති බව වාර්තා වේ.