63
සමඟි ජන සන්ධානයට එකතු කරගෙන සිටින්නේ රට පාලනය කිරීමට හැකි පිරිසුදු කණ්ඩායමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.
වංචා දූෂණ සහිත පුද්ගලයන්, මිනීමරුවන් සමඟි ජන සන්ධානයට එකතු කර නොගන්නා බවත් සමඟි ජන බලවේගයේ සිටින දක්ෂ කණ්ඩායම හා සමාන කණ්ඩායමක් සමඟි ජන සන්ධානයටත් එකතු කර ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.
සමඟි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.
නිහතමානි, රටේ ජනතාවට ආදරය කරන, වංචා දූෂණ නැති එකම නායකයා කවුද කියා රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක කියන චරිත තුන දෙස බැලුවාම ජනතාවට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතාට තිබෙන දැනුම රට වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියා හොඳින් වටහාගන්න ජනතාවට හැකි වී තිබෙනවා. ඒ ගැන වටහාගෙන ජනතාව සමඟි ජන බලවේගය වටා එකතු වෙමින් සිටිනවායිද පැවසීය.
අගෝස්තු 8 වැනිදා ඉතිහාසයේ දැවැත්තම සන්ධානය නිර්මාණය කරන්න සමඟි ජන බලවේගය කටයුතු කරනවා. සමඟි ජන සන්ධානයට එකතු කරගෙන තිබෙන්නේ රට පාලනය කිරීමට හැකි පිරිසිදු කණ්ඩායමක්.
සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ආර්ථිකය, අධ්‍යාපනය,සෞඛ්‍ය සියලු විෂයන් පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන රටේ ජනතාව ජීවත්වන ආකාරය ගැන හඳුනාගත් නායකයෙක්. ඒ වගේම සමඟි ජන බලවේගයේ සිටින්නෙත් විවිධ විෂයන් සම්බන්ධයෙන් දැනුමක් ඇති වැඩක් කළ හැකි දක්ෂ කණ්ඩායමක්. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමඟි ජන බලවේගය සහ සමඟි ජන සන්ධානය රට බංකොලොත්භාවයෙන් ගොඩගන්නා බව රටේ සමස්ත ජනතාව පිළිගෙන තිබෙනවා.
ගම්වල සිටින පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් සමඟි ජන බලවේගයට එකතු වෙමින් සිටිනවා.
සමඟි ජන බලවේගයට විනයක් තිබෙන සහ ප්‍රතිපත්තියක් තිබෙන පක්ෂයක්. සමඟි ජන බලවේගය ඉදිරියේදී භාර ගන්නේ රටේ වගකීමයි. විදෙස් රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රශ්න රැසකට මුහුණ දී සිටිනවා. ඒ ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන ප්‍රශ්න ගැන කයියනායකවරු කිසිම දවසක කතා කර නෑ. ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න සමඟි ජන බලවේගය රජයකින් කටයුතු කරනවා.
රටේ වගකීම සමඟි ජන බලවේගයට සහ සමඟි ජන සන්ධානයට දෙන්න ජනතාව සුදානමින් සිටිනවා. දුන්නොත් රට හදයි කියන විශ්වාසය ජනතාව තුළ ඇති වී තිබෙනවා. රටේ ජනතාවගේ ආශිර්වාදයෙන් රටේ ඊළඟ ජනාධිපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්කරන්න සමඟි ජන බලවේගය සහ සමඟි ජන සන්ධානය සුදානම්. ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයත් පවත්වන්න කටයුතු කරනවායිද පැවසීය.
රක්ෂණ ශ්‍රියන්ත