Home Politics News Room : සමාජ මාධ්‍යයේ පළ­ වන දේවල් ගැන මැති­ව­රණ කොමි­ස­මට පැමි­ණිලි...

News Room : සමාජ මාධ්‍යයේ පළ­ වන දේවල් ගැන මැති­ව­රණ කොමි­ස­මට පැමි­ණිලි ලැබී තිබෙ­නවා

0
0

එළැ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් සමාජ මාධ්‍ය­වල විවිධ පළ කිරීම් සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි රැසක් ලැබී ඇති බව මැති­ව­රණ කොමි­ෂන් සභාවේ නියෝජ්‍ය මැති­ව­රණ කොම­සා­රිස් (මැති­ව­රණ ආර­වුල් නිරා­ක­රණ) පියුමි ආටි­ගල මහ­ත්මිය පව­සයි.

මැති­ව­රණ නීති හා මාධ්‍ය උප­මාන බලා­ත්මක කිරීම පිළි­බ­ඳව ඊයේ (09) රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ පැවැති වැඩ­මු­ළු­වට එක් වූ ඒ මහ­ත්මිය මේ බව කියා සිටි­යාය.

තව­දු­ර­ටත් ඇය මෙසේද පැව­සීය.

ඉදි­රි­යේදී ආචාර ධර්ම ඇතු­ළත් ගැස­ට්ටු­වක් නිකුත් කිරී­මට කොමි­සම පිය­වර ගන්නවා. අසත්‍ය පුවත්, මඩ ගැසීම්, විකෘති කරන ලද පුවත් පළ කිරීම් වැනි පළ කිරීම් බොහො­ම­යක් සමාජ මාධ්‍ය­යන්හි පළ වන බවට කොමි­ස­මට පැමි­ණිලි ලැබී තිබෙ­නවා. ඒවා නිරී­ක්ෂ­ණ­යට කොමි­සමේ නිරී­ක්ෂණ කණ්ඩා­යම් යොදා තිබෙ­නවා. රාජ්‍ය නොවන කණ්ඩා­ය­ම්වල සහාය ඊට ලබා ගන්නවා.

මේ හේතු­වෙන් මැති­ව­රණ කාල සීමා­වේදී විශේෂ අව­ධා­න­යක් සමාජ මාධ්‍ය සඳහා යොමු කර ඇති බව කියා සිටි ඒ මහ­ත්මිය ඉන්ස්ට­ග්‍රෑම් සහ ටික්ටොක් සමාජ මාධ්‍ය සඳහා විශේෂ අව­ධා­න­යක් යොමු කර ඇතැයි ද කියා සිටි­යාය.

ඒ ආය­තන සමඟ ඍජුව සම්බන්ධ වී සාකච්ඡා පවත්වා ඇති බවත් සමාජ මාධ්‍ය නියා­ම­න­යේදී අපි නිකුත් කරන උප­දෙස් සහ නියෝ­ග­ව­ලට අනු­කූල නොවෙ­නවා නම් ඒ ගොල්ල­න්ගෙන් සම්මු­තී­න්ව­ලින් ඔබ්බට ගිහිල්ලා අපිට සහ­යෝ­ගය දක්වන්න ඒ ආය­තන කැමැත්ත පළ කර තිබෙ­නවා.

මැති­ව­රණ කොමි­ෂන් සභාවේ මාධ්‍ය නියා­මන කමි­ටු­වක් ඇති කර තිබෙ­නවා. කොමි­ස­මට ලැබෙන පැමි­ණිලි සියල්ල ඒ කමි­ටු­වට යොමු කර සුදුසු උප­මා­න­ව­ලින් පරීක්ෂා කර­නවා. මැති­ව­රණ නිති උල්ලං­ඝ­නය වන බව අනා­ව­ර­ණය වන්නේ නම් ගත යුතු පිය­වර ගන්නවා. ෆේස්බුක් භාවිතා කරන්නේ මැද වයස් කාණ්ඩ. අද වන­විට තරුණ ප්‍රජාව වැඩි වශ­යෙන් යොමුව ඇත්තේ ඉන්ස්ට­ග්‍රෑම් සහ ටික්ටොක් සමාජ මාධ්‍ය සඳ­හායි. මෙවර මැති­ව­ර­ණ­යේදී තරුණ ප්‍රජාව විශාල වශ­යෙන් සම්බන්ධ වෙනවා වගේම ඒ අයගේ ඡන්දය ඉතා වැද­ගත් වෙනවා නිවැ­රදි තීරණ ගැනී­මට. ඉන්ස්ට­ග්‍රෑම් සහ ටික්ටොක් සමාජ මාධ්‍ය­වල දුස් තොර­තුරු සහ අපේ­ක්ෂ­ක­යන්ට වෛරී ප්‍රකාශ නිකුත් කිරී­මෙන් තරු­ණ­යන්ට හරි දේ වටහා ගන්නට ලැබෙන්නේ නැහැ. දුස් තොර­තුරු ලැබීම බර­ප­තළ තත්ත්ව­යක්. එම තොර­තුරු පිට­වී­මට පෙර ඉන් වන බල­පෑම අවම කර ගැනී­මට මුලින්ම අව­ධා­නය යොමු කර­නවා. සමාජ මාධ්‍ය කියන්නේ තියුණු අවි­යක්. මඩ ගැසීම් චෝදනා කිරීම් ඉන් කළ හැකියි. එමෙන්ම නිහඬ කාලයේ සමාජ මාධ්‍ය බල­පෑම වැඩියි. එම කාලය විශේ­ෂ­යෙන් අධී­ක්ෂ­ණය කරන බව ද ඇය වැඩි­දු­ර­ටත් කියා සිටි­යාය.

සුභා­ෂිණී සේනා­නා­යක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here