27
“සජිත් මහත්තයා කියනවා එයාට දිනවන්න පුළුවන්ලු. ලොකුම සන්ධානෙලු. ගිය සැරේ ගත්තේ ලක්ෂ 27යි. ඒ සන්ධානේ ඉන්න සමහරුන්ට නෝනගෙ ඡන්දෙවත් නෑ. එහෙම අයත් එක්ක ගිවිසුමක් අත්සන් කළාට වඩා හොඳයි මාත් එක්ක අත්සන් කළා නම්. කැට තියලා කියනවා මම මේ රටේ ලක්ෂ දෙකක් ඡන්දේ අරන් දෙනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණ අරගලයෙන් දැවැන්ත විනාශයකට යන්න හැදුවා.” යැයි හිටපු වන ජීවී ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා කියා සිටියේය.
ඒ මහතා මේ බව පැවැසුවේ ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයට සහාය දක්වමින් බිබිල පැවති ජන හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“අද මේ වේදිකාව නිල් පාට, කොළ පාට, රතු පාට හැම පාටකින්ම සැරසිලා තියෙනවා. මම ආදරේ කරන මට ආදරේ කරන දහස් සංඛ්‍යාත ජනතාවනි, සොයිසා බැස්සට පස්සේ ඔක්කොම නළියනවා. ඡන්දදායකයන් විතරක් නෙමෙයි දේශපාලන කරන හැමෝමත් එහෙමයි. දැන් හැමෝම ශාඛා සමිති හදනවා. කමිටු ගහනවා. රැස්වීම් තියනවා. මේ වෙනකොට පොහොට්ටු සෙට් එක නිහඬ වෙලා.
මට දැන් පැත්තක් නෑ. මම දැන් මන්ත්‍රී කෙනෙක් නෙවෙයි. සංවිධායකවරයෙක් නෙවෙයි. කොට්ඨාස සංවිධායකවරයෙක් නෙවෙයි. පක්ෂයක නියෝජිතයෙක් නෙවෙයි. ස්වාධීනව ඉල්ලනවා කියනකොට සමහරු කිව්වා, ඉල්ලං කූරෙන් ඉල්ලන්න, උදැල්ලෙන් ඉල්ලන්න කියලා. මේ විදිහට මට හැමෝම ආදරේ කළා. මේක සංවිධාන කළේ බිබිලේ තරුණ කැල. අරගලයෙන් ජීවිත කීයක් නැති වුණාද? මේක බෞද්ධ රටක්. මේ තරමින් හරි ගැලවුණු එක ගැන සතුටුයි. දේශපාලන තන්ත්‍රයටම දැවැන්ත පාඩමක් කියලා දුන්නා. අපිත් උදවු කළා. ජනතා විමුක්ති පෙරමුණ මේක දැවැන්ත විනාශයකට ගෙන යන්න හැදුවා
ලංකා මාතාව භාරගන්න කෙනෙක් නැති වුණා. සජිත් මහත්තයාට භාර ගමු කිව්වා. මේ මනුස්සයාට මේක තේරුණේ නෑ. අනන්තවත් කිව්වා, ගමු අරගෙන කරමු කියලා. නමුත් බය වුණා. මටත් පණිවිඩයක් එවලා තිබුණා. මොනවා හරි කරමු කියලා. අවුරුදු 35ක් දේශපාලනය කරලා ඒක සමරපු මහලේකම්තුමා ඒක සැමරුවෙත් මම හදපු සංස්කෘතික මධ්‍යස්ථානයේ. එතුමා තිස්පස් වසරක් පාර්ලිමේන්තුවේ ඉඳලත් ඡන්ද 25,000යි.
මගෙත් කට හොඳ නෑ. අප්පච්චි මළා කිව්වා. ශ්‍රී ලංකාකාරයෝ බේරා ගත්තා, මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට එකතු වෙලා. ශ්‍රී ලංකාකාරයෝ ගුටි කන එක නතර කළා. ඒකට මට අන්තිමට කිව්වේ මම යුඑන්පියට ගියා කියලා. ඔය ඉන්න ඔක්කොම මට අවලාද කිව්වා, මට ඡන්දේ දුන්නේ නෑ. මාව පැරැද්දුවා. හැබැයි මට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඇමැතිකමයි මන්ත්‍රීකමයි දෙකම දුන්නා. එයින් මම විශාල වැඩ කොටසක් කළා.”
වැල්ලවාය විශේෂ – ජී. අයි. ආර්. ගරුසිංහ