41
දෙසැම්බර් 19 වැනිදා ජනපතිවරණය සඳහා අපේක්ෂකයෝ තිදෙනෙක් ඊයේ නාමයෝජනා භාර දී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ අගමැති ආර්. ප්‍රේමදාස මහතා (අලියා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායක මහත්මිය (අත) ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ඔසී අබේගුණසේකර මහතා (ඇස) වශයෙනි.
එවක මැතිවරණ කොමසාරිස් ආර්. කේ. චන්ද්‍රානන්ද ද සිල්වා මහතා විසින් කොළඹ නගර ශාලාවේදී නාමයෝජනා භාර ගත්තේය.
ජාතික ඇඳුමින්
නාමයෝජනා පත්‍ර භාරදීම සඳහා මුලින්ම පැමිණියේ එජාප අපේක්ෂක අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතාය. සුදු ජාතික ඇඳුමින් සැරසී සිටි අගමැතිවරයා හරියටම 8.25ට ජනාධිපති නීතිඥ කේ. ඇන්. චොක්සි මහතා සමඟ නගර සභා ශාලාවට ඇතුළු විය. උදේ 10.05ට නාමයෝජනා භාර දුන්නේය.
නිල් ඔසරියෙන්
මැතිවරණ කොමසාරිස්වරයාට මුලින්ම නාමයෝජනා භාර දුන්නේ සිරිමා බණ්ඩාරනායක මහත්මියයි. නිල්පාට ඔසරියකින් සැරසී සිටි බණ්ඩාරනායක මහත්මිය උදේ 9.08ට සිය නාමයෝජනා භාර දුන්නාය. පක්ෂයේ ලේකම් සෝමසාර දසනායක සහ ජනාධිපති නීතිඥ එච්. ඇල්. ද සිල්වා මහතා ද ඇය සමඟ වූහ. බණ්ඩාරනායක මහත්මිය පැමිණියේ සිය පුත් අනුර බණ්ඩාරනායක මහතා ද සමඟය.
එසපෙ අය සමඟ
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ඔසී අබේගුණසේකර මහතා උදේ 9.30ට නාමයෝජනා භාර දුන්නේය. පක්ෂයේ ලේකම් වයි. පී. ද සිල්වා සහ නව සමසමාජ පක්ෂයේ ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න යන මහත්වරු මේ අවස්ථාවට සහභාගි වූහ.
නාමයෝජනා පත්‍රය
ඉංග්‍රීසි අකාරාදි පිළිවෙළ අනුව නාමයෝජනා පත්‍රයේ අපේක්ෂක නම් පළ කෙරිණි. අබේගුණසේකර ඔසී ‘ඇස’
බණ්ඩාරනායක සිරිමා ‘අත’
ප්‍රේමදාස රණසිංහ ‘අලියා’
නාමයෝජනා පත්‍ර භාරදීමෙන් පසු අගමැති ආර්. ප්‍රේමදාස මහතා හා සිරිමා බණ්ඩාරනායක මහත්මියත් ඔසී අබේගුණසේකර මහතාත් දෑත් එකතු කර සිංහල චාරිත්‍රානුකූලව එකිනෙකාට ආචාර කරගත්හ.