Home Politics News Room : අතා­වු­ල්ලාගේ පක්ෂය දේශ­ප්‍රේමී ජන බල­වේ­ගය ජන­ප­තිට සහාය දෙයි

News Room : අතා­වු­ල්ලාගේ පක්ෂය දේශ­ප්‍රේමී ජන බල­වේ­ගය ජන­ප­තිට සහාය දෙයි

0
0

පාර්ලි­මේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතා­වුල්ලා මහ­තාගේ නාය­ක­ත්ව­යෙන් යුත් ජාතික කොංග්‍ර­සය ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට සහාය පළ කිරී­මට එක්ව ඇත.

ඒ.එල්.එම්. අතා­වුල්ලා මහතා ඇතුළු එහි නියෝ­ජි­ත­යන් පිරි­සක් ඊයේ (14) ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා හමු වී මේ පිළි­බඳ නිල වශ­යෙන් දැනුම් දුන්නේය.

මෙරට ජන­වා­ර්ගික ගැට­ලුව විස­ඳී­මට නම් රට තුළ ආර්ථික සහ දේශ­පා­ලන ගැටලු විස­ඳීම අත්‍ය­වශ්‍ය බව මෙහිදී පෙන්වා දුන් අතා­වුල්ලා මහතා ඒ වෙනු­වෙන් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ක්‍රියා­ත්මක කර තිබෙන වැඩ­පි­ළි­වෙළ කෙරෙහි තමන් තුළ විශ්වා­ස­යක් ඇති බවත් එබැ­වින් ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ජය­ග්‍ර­හ­ණය තහ­වුරු කිරී­මට කැප වන බවත් සඳ­හන් කළේය.

මෙරට ජන­වා­ර්ගික ගැට­ලුව විස­ඳී­මට අදා­ළව ජාතික කොංග්‍ර­සයේ අද­හස් ඇතු­ළත් යෝජ­නා­ව­ලි­යක් ද මෙහිදී ජනා­ධි­ප­ති­ව­රයා වෙත පිළි­ගැ­න්විණි. එසේම එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය තහ­වුරු කිරී­මට කැප වන බව දේශ­ප්‍රේමී ජන බල­වේ­ගය පක්ෂය ද ප්‍රකාශ කරයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවා­ප­ති­රණ මහතා ඇතුළු නියෝ­ජිත පිරි­සක් ඊයේ (14) ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා හමුවී මේ පිළි­බඳ දැනුම් දුන්හ.

බිඳ­වැ­ටුණු මෙරට ආර්ථි­කය, නීතිය හා සාමය ස්ථාපිත කිරී­මට පසු­ගිය වසර දෙකක කාලය තුළ ජනා­ධි­ප­ති­ව­රයා ක්‍රියා­ත්මක කළ වැඩ­පි­ළි­වෙළ අගය කරන බවත් මින් ඉදි­රි­යට ද රට ඉදි­රි­යට ගෙන යෑමට ජනා­ධි­ප­ති­ව­ර­යාගේ නාය­ක­ත්වය අවශ්‍ය බවත් සුගත් හේවා­ප­ති­රණ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව එළැ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී තම පක්ෂයේ අනු­බද්ධ සංවි­ධාන සහ සමස්ත සාමා­ජි­ක­ත්වය එක්ව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය තහ­වුරු කිරීම වෙනු­වෙන් කැපවී කට­යුතු කරන බව ද ඒ මහතා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here