Home Politics News Room : අපි පත්කළ අය රට පනිද්දී අභි­යෝ­ගය භාරගත්තේ වත්මන් ජන­පති

News Room : අපි පත්කළ අය රට පනිද්දී අභි­යෝ­ගය භාරගත්තේ වත්මන් ජන­පති

0
0

“අපි වෙනු­වෙන් රට භාර­ගත් නාය­ක­යන් ලංකා­වෙන් පැන යද්දී මේ රට භාර ගත්තේ රනිල් වික්‍ර­ම­සිංහ මහතා බවත්, ඔහු හොඳ ගති­ගුණ ඇති අභි­යෝග භාර ගන්න පුළු­වන් හොඳ නාය­ක­යකු බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ පොළො­න්න­රුව දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සංව­ර්ධන කමි­ටුවේ සභා­පති ජගත් සම­ර­වි­ක්‍රම මහතා පැවැ­සීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ පොළො­න්න­රුව දිස්ත්‍රික් ආසන බල මණ්ඩ­ලයේ සහාය රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ව­ර­යාට දීමේ අව­ස්ථා­වට එක්වෙ­මින් පසු­ගි­යදා කදු­රු­වෙල රාමදා හෝට­ල­යේදී පැවති රැස්වී­මේ­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස්ද දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“කොරෝනා වසං­ග­තය, අර­ගල අව­ස්ථාව වගේම මේ රට විනා­ශ­කාරී අව­ස්ථා­වේදී අපේ රජ­ව­රුන්ට ජන­තාව ඉල්ලපු දේ දීමට හැකි­යා­වක් තිබුණේ නෑ. නාය­ක­යෙක් වුණාම ජන­තා­වට ඇහු­ම්කන් දෙන්න ඕනෑ. අපේ නාය­ක­යන් එහෙම ඇහු­ම්කන් දුන්නේ නෑ. ජන­තාව ඉල්ලපු දේ දුන්නේ නෑ. ජනතා නාය­ක­ය­කුගේ යුතු­කම සහ වග­කීම තමයි ජන­තාව ඉල්ලන දේ දෙන එක. රාජ­ප­ක්ෂ­ව­රුන්ට අපි අරන් දුන්න වරම රැක­ගන්න බැරි වුණා. ජන­තාව ඉල්ලපු දේ නොදුන්න නිසා අව­සා­න­යේදී අපට හැංගෙන්න සිදු වුණා. ගුටි කන්න සිදු වුණා. අර­ග­ල­ක­රු­වන් අපේ ගෙවල් පුච්චලා විනාශ කළා. අහිං­සක අම­ර­කීර්ති අතු­කෝ­රළ මන්ත්‍රී­ව­ර­යාගේ ජීවිතේ විනාශ වුණා.”

සිරි­පුර – මදු­ශානි අබේ­සිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here