Home Politics News Room : ජන­ප­ති­ව­ර­ණ­යේදී අත්හදා බැලීම් කළොත් ලේ සෙල­වී­මක් ඇති­විය හැ­කියි

News Room : ජන­ප­ති­ව­ර­ණ­යේදී අත්හදා බැලීම් කළොත් ලේ සෙල­වී­මක් ඇති­විය හැ­කියි

0
0

කඩා වැටුණු රට ගොඩගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන සංවර්ධනය නවතා දැමුවොත් ඉතිහාසයේ දැවැන්තම ලේ සෙලවීම සිදු වීම වැළැක්විය නොහැකි බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (13) කොළඹදී පැවති ‘එක්ව ජයගමු’ මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“මේ කාලය අත්හදා බැලීමකට සුදුසු කාලයක් නොවේ. ගෙවී ගිය දෙවසරේ පොහොර සහනාධාරයට පොහොර සමාගම්වලට ගෙවිය යුතුව තිබූ ණය රුපියල් මිලියන 29,000ක් ගෙවා අවසන් කළා. මේ වන විට රට සහලින් ස්වයංපෝෂිතයි. වී ගොවිතැනට දුන් පොහොර සහනාධාරය තේවලටත් දුන්නා.

ජනාධිපතිවරණයේදී අලුත් අත්හදා බැලීම් කළොත් මේ රටේ ලේ සෙලවීමක් ඇතිවීම වැළැක්විය නොහැකියි. එසේම පවතින ක්‍රමවේදයෙන් බැහැරවී රට නැවත ආපස්සට ගියොත් ඩොලර් සොයා හිඟමනේ යන්න සිදු වෙනවා. මේ රටට අවශ්‍ය ජනතාව වෙනුවෙන් ලේ සොලවන නායකයකු නොව නිවැරදි තීන්දු තීරණ ගන්නා නායකයෙක්.

රටේ නායකයා ලේ හොලවාගෙන වැඩ කිරීමට අවශ්‍ය නෑ. රනිල් වික්‍රමසිංහ මහතා එක ලේ බිංදුවක්වත් සෙලවීමකින් තොරව රට මෙවන් ජයග්‍රාහී තැනකට රැගෙන ආවා. අඩුපාඩු හොයන එක ලේසියි. වැඩ කරන එක අමාරුයි. පොරොන්දුවලට මේ රටේ ජනතාව අනන්ත රැවටිලා තියෙනවා. හැබැයි අද විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයන් දෙන පොරොන්දු කවදාවත් ඉෂ්ට කරන්න පුළුවන් ඒවා නෙමෙයි.

අපි ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන්න ඕනේ දිනන අපේක්ෂකයකුට මිස පරදින අපේක්ෂකයකුට නෙමෙයි. මේ සැරේ ජනාධිපතිවරයා බවට රනිල් වික්‍රමසිංහ මහතා පත්වෙනවා. සජිත්ට සහ අනුරට ඇප බේරගන්න පුළුවන් වෙයි. ඉතිරි අය ගැන නම් කතා කර වැඩක් නෑ.”

 

සුභාෂිණී සේනානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here