Home Politics News Room : ජන­පති රනිල්ට සහාය දෙන්න හිටපු ජන­පති මහි­න්දත් එකඟ වුණා

News Room : ජන­පති රනිල්ට සහාය දෙන්න හිටපු ජන­පති මහි­න්දත් එකඟ වුණා

0
0

“මීට දින කිහි­ප­ය­කට පෙර ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­තු­මන්ලා පිරි­සක් හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා පාර්ලි­මේ­න්තු­වේදී හමු වුණා. එහිදී අපි හිටපු ජන­ප­තිට පෙන්වා දුන්නා දැනට දකින ආකා­ර­යට හොඳ අපේ­ක්ෂ­කයා රනිල් වික්‍ර­ම­සිංහ මහතා බව. එහි­දී­ර­නිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­තු­මාට අපි සහ­යෝ­ගය දෙන්න ඕනෑ කියලා හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාට කිව්වා. මහින්ද මහ­ත්මයා එ්කට එකඟ වුණා.” යැයි විදේශ කට­යුතු රාජ්‍ය ඇමැති තාරක බාල­සූ­රිය මහතා පැවැ­සීය.

රාජ්‍ය ඇමැ­ති­රයා මේ බව කියා සිටියේ ගලි­ග­මුව ප්‍රාදේ­ශීය සභාවේ හිටපු ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ මන්ත්‍රී­ව­රුන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී­ව­රුන් හමු වීමෙන් පසු මාධ්‍ය­වේ­දීන් නැඟූ ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දෙමිනි.

එම අව­ස්ථා­වට රාජ්‍ය ඇමැ­ති­ව­රුන් වන රංජිත් සිය­ඹ­ලා­පි­ටිය, කනක හේරත්, පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් රාජිකා වික්‍ර­ම­සිංහ, උද­ය­කාන්ත ගුණ­ති­ලක සහ හිටපු මන්ත්‍රී සන්දීප් සම­ර­සිංහ මහත්ම මහ­ත්මීන් ඇතුළු පිරි­සක් එක්ව සිටි­යහ.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ රාජ්‍ය ඇමැ­ති­ව­රයා මෙසේ ද කීවේය.

“සති අන්තයේ පුව­ත්ප­ත්ව­ලින් එළි වුණා, පක්ෂයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් පිරි­සක් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා හමු වෙලා කියලා. ඒ අය ගිහින් තියෙන්නේ විපක්ෂ නායක පුටුව ඉල්ලලා. ඊට පස්සේ අපේ දේශ­පා­ලන මණ්ඩ­ලය කැඳෙව්වා. දේශ­පා­ලන මණ්ඩ­ලයේ හැටක් ඉන්නවා ඇවිල්ලා හිටියේ විසි දෙනයි. අනිත් අය පක්ෂයේ මහ ලේක­ම්ව­ර­යාගේ කැමැත්ත පරිදි ඉවත් වූ පිරි­සක්. දේශ­පා­ලන මණ්ඩ­ල­යේදී තීන්දු­වක් ගත්තා, අපි අපේ­ක්ෂ­ක­යෙක් දානවා කියලා. අපේ­ක්ෂ­ක­යාගේ නම ඒ වෙලාවේ අපි කිව්වේ නෑ. යම්කිසි විදි­හ­කට ඒ අය බලා­පො­රොත්තු වුණා අපේ­ක්ෂ­ක­යාගේ නම නොකි­ව්වත් ඒ දාන අපේ­ක්ෂ­ක­යාට සහ­යෝ­ගය දෙන්න. උද­යංග වීර­තුංග මහතා දැම්මත් අපට ගිහිල්ලා සහ­යෝ­ගය දෙන්න වෙනවා එහෙම වුණා නම් එදා. ඒ හින්දා අපි මේකට ලෑස්ති වුණේ නෑ. ඒ වෙලාවේ මන්ත්‍රී­ව­රුන් අසූ දෙකක් වගේ ප්‍රමා­ණ­යක් කිව්වා වත්මන් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්ත­යාට සහ­යෝ­ගය දෙනවා කියලා. මේක දැන ගත්තා ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා වෙන්න හිටපු ධම්මික පෙරේරා මහ­ත්තයා. ධම්මික පෙරේරා මහ­ත්මයා කිව්වා මම ඉල්ලන්නේ නෑ කියලා. ඊට පස්සේ පව­තින ගැට­ලුව සම­ථ­ය­කට පත් කර ගන්න නාමල් රාජ­පක්ෂ මන්ත්‍රී­තුමා අපේ­ක්ෂ­ක­යෙක් හැටි­යට ඉදි­රි­පත් කර තියෙ­නවා. තමු­න්නා­න්සේ­ලා­ගෙන් මම අහන්නේ නාමල් මන්ත්‍රී­තුමා දැන­ගෙන හිටියා නම් එතු­මාට මුල ඉඳන් ජය­ග්‍ර­හ­ණය කරන්න පුළු­වන් කියලා ධම්මික පෙරේරා මහ­තාට අව­ස්ථා­වක් දෙන­වාද? නාමල් රාජ­පක්ෂ මන්ත්‍රී­තු­මාට දිනන්න පුළු­වන් නම් මොන එක­කට ද ධම්මික පෙරේරා කෙනෙක්ට අව­ස්ථාව දෙන්න හැදුවේ. නාමල් රාජ­පක්ෂ මන්ත්‍රී­තුමා බලන්නේ විපක්ෂ නායක පුටුව ගන්න. නැතිව ජනා­ධි­පති පුටුව ගන්න නෙමෙයි. මොන පක්ෂ­ය­කින් අපි දේශ­පා­ලන සටන් කළත් දෙවැනි පැත්තට යන්න අපි සටන් කරන්නේ නෑ. විපක්ෂ නායක පුටුව ගන්නවා කියලා කියන්නේ නෑ. ජනා­ධි­පති පුටුව ගන්නවා කියලා තමයි කට්ටිය කියන්නේ. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී පැර­දෙ­නවා කියන්නේ ඇත්ත­ටම වෙනම කතා­වක්.”

 

කෑගල්ල විශේෂ – චමින්ද ජය­ලත් සහ සබ­ර­ග­මුව සමූහ – ගාමිණී රම්ය­පාල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here