Home Politics News Room : මිනිස්කමට මුල්තැන දෙන ආණ්ඩු­වක්-රාජ්‍ය පාල­න­යක් අව­ශ්‍යයි

News Room : මිනිස්කමට මුල්තැන දෙන ආණ්ඩු­වක්-රාජ්‍ය පාල­න­යක් අව­ශ්‍යයි

0
0

මේ අව­ස්ථාවේ රටට අවශ්‍ය මනු­ස්ස­කම දන්නා මානු­ෂී­ය­ත්ව­යට මුල් තැන දෙන ආණ්ඩු­වක් සහ රාජ්‍ය පාල­න­යක් බවත්, ඒ වෙනු­වෙන් රටේ දැවැන්ත වෙන­ස්කම් සිදු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රකාශ කළේය.

විපක්ෂ නාය­ක­ව­රයා මේ බව පැව­සුවේ පෙරේදා (13) කොළඹ සින­මන් ලේක් හෝට­ලයේ පැවති ‘සම­ගි­යට 27යි’ වැඩ­ස­ට­හ­නට එක්වෙ­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ විපක්ෂ නාය­ක­ව­රයා මෙලෙස ද කීවේය.

“රට තුළ ක්‍රියා­ත්මක ක්‍රම­වේ­ද­වල මහා පරි­මාණ සංශෝ­ධන සිදු විය යුතුයි. එය ලක්ෂ 220ක් වූ ජන­තා­වගේ කර­පිට බර නොපැ­ට­වෙන ආකා­ර­යට ක්‍රියා­ත්මක විය යුතුයි.

ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රමුඛ වත්මන් රජය ලෝකයා සමඟ ගිවි­සු­ම්ගත වන්නේ සාමාන්‍ය ජන­තා­වගේ හිස මත උප­රිම බර පට­වලා. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ ඇති කර ගත් ගිවි­සු­මේදී, දේශීය ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණ­යේදී සම්පූර්ණ බර පැට­වූයේ වැඩ කරන ජන­තාව මතයි. වැඩ කරන ජන­තා­වගේ අර්ථ­සා­ධක අර­මු­ද­ල්ව­ලට බල­පෑම් කළා. සාමාන්‍ය ජන­තා­වට බරක් දී බිලි­ය­න­ප­ති­යන් බේරා ගත්තා.

රටෙන් හරි අඩක් දුප්ප­තුන් වෙලා. රජ­ය­වත් ඒ ප්‍රමා­ණය හරි­හැටි දන්නේ නෑ. වෙනත් ආය­තන කරන සංග­ණන හරහා එය දැන­ගැ­නී­මට ලැබුණා. රටේ පාල­කයා රටේ වග­කීම භාර ගත් මොහො­තේම සංග­ණ­න­යක් සිදු කර දරි­ද්‍රතා රේඛාව හඳු­නා­ගෙන කට­යුතු කළ යුතුයි. ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරි­මාණ ව්‍යාපා­රි­ක­යන් පවා විප­තට පත්ව ඇති මොහො­තක ඒවා දැන­ගෙන රාජ්‍ය ප්‍රති­පත්ති සකස් කළ යුතුයි.

සමගි ජන බල­වේ­ගය අයි.එම්. එෆ්. එකත් සමඟ සාකච්ඡා කර­නවා. ඔවුන් වර­මක් සහිත රජ­ය­කට සවන් දෙනවා. එයින් මේ අසී­මිත බර තුනී කර­නවා. ජන­තාව මත පැටවී ඇති මේ බර සහ එයින් ඇති වූ සමාජ ව්‍යස­නය කියා නිම කළ නොහැ­කියි. මේ ජන­තාව ගැන ප්‍රති­පත්ති සම්පා­ද­නය කරන අයට අව­බෝ­ධ­යක් නෑ. මේ අය මහ පොළොවේ පය ගසා ජීවත් නොවන නිසා දුක්වි­ඳින ජන­තා­වගේ වේද­නාව ගැන අව­බෝ­ධ­යක් නෑ. මේ නිසා විධි­මත් ප්‍රති­පත්ති සම්පා­ද­න­යක් සිදු වන්නේ නෑ.”

රක්ෂණ ශ්රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here