Home Politics News Room : රාජ්‍ය වැටුප් වැඩි කිරීමේ යෝජනාවේ කිසිදු දේශ­පා­ලන අර­මු­ණක් නැහැ

News Room : රාජ්‍ය වැටුප් වැඩි කිරීමේ යෝජනාවේ කිසිදු දේශ­පා­ලන අර­මු­ණක් නැහැ

0
0

රාජ්‍ය සේවක වැටුප් වැඩි­කි­රීමේ යෝජනා පත්කළ කමිටු වාර්තාව අනුව මිස කිසිදු දේශ­පා­ලන අර­මු­ණක් අනුව ඉදි­රි­පත් නොකළ බව මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහතා ප්‍රකාශ කළේය.

මේ පිළි­බ­ඳව වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ රාජ්‍ය ඇමැ­ති­ව­රයා මෙලෙස ද කීවේය.

“රජය හැකි සෑම විට­කම ජන­තා­වට දිය හැකි උප­රිම සහන දීමට කට­යුතු කර තිබෙ­නවා. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ යෝජනා තුළ කිසිදු දේශ­පා­ලන අර­මු­ණක් නෑ.

කලක පටන් පැවති ඉල්ලීම් සලකා බලා හිටපු ජනා­ධි­පති ලේකම් උදය ආර්. සෙන­වි­රත්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පත් කළ විශේ­ෂඥ කමි­ටු­වෙන් දුන් නිර්දේශ සහ තීරණ අනුව ඉදි­රි­පත් කළ මේ යෝජ­නා­වට කැබි­නට් මණ්ඩ­ලයේ අනු­මැ­තිය ලැබුණා.

එහිදී පව­තින ජීවන තත්ත්වය, ආර්ථික තත්ත්වය, ගෙවීමේ හැකි­යාව ආදී සෑම පැති­ක­ඩක් පිළි­බ­ඳ­වම අව­ධා­නය යොමු කර මේ කමිටු වාර්තාව සකස් කර තිබෙ­නවා. එමෙන්ම සමෘද්ධි සංව­ර්ධන නිල­ධා­රීන්ගේ ගැටලු කිහි­ප­යක් සම්බ­න්ධ­යෙන් පැවති සාක­ච්ඡා­ව­ලින් අන­තු­රුව පත්කළ කමි­ටු­වෙන් දුන් විස­ඳුම් යෝජනා මීළඟ කැබි­නට් මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කිරී­මට කට­යුතු කර­නවා.”

ජය­සිරි මුණ­සිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here