Home Politics News Room : වතු කම්කරු වැටුප් ඉහළ නැංවීමේ ගෞර­වය ජන­පති රනිල්ට

News Room : වතු කම්කරු වැටුප් ඉහළ නැංවීමේ ගෞර­වය ජන­පති රනිල්ට

3
0

වතු කම්කරු වැටුප් ඉහළ නැංවීමේ ගෞර­වය ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට හිමි විය යුතු බව මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අශෝක හේරත් මහතා ප්‍රකාශ කළේය.

මේ පිළි­බ­ඳව වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ හිටපු මන්ත්‍රී­ව­රයා මෙලෙස ද කීවේය.

“මධ්‍යම පළාතේ නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ දේශ­පා­ල­නය කරන පිරිස් හැටි­යට මේ වැටුප් වැඩි­වීම සිදු කළ යුතු බවට නිර­න්ත­ර­යෙන්ම ජනා­ධි­ප­ති­තුමා දැනු­ම්වත් කළා. වැවිලි ආර්ථි­කය ශක්ති­මත් කිරී­මට දහ දුක් විඳින වතු කම්කරු ජන­තා­වගේ වැටුප් වැඩි කිරීම සාධා­ර­ණයි. වතු කම්ක­රු­වන්ගේ දිනෙක වැටුප රුපි­යල් 1700ක් බවට පත්කි­රී­මට පඩි­පා­ලක සභා ගත් තීර­ණය ඉතා අගය කර­නවා. කවුරු කුමක් කීවත් ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා නොහි­ටි­න්නට වතු කම්ක­රු­වන්ගේ වැටුප ඉහළ නැංවීම සිදු නොවන්න ඉඩ තිබුණා.

වැවිලි ආර්ථි­කය ශක්ති­මත් කිරී­මට ඉන්දි­යා­වෙන් මෙර­ටට පිරිස් පැමිණ අවු­රුදු දෙසී­යක් වෙනවා. අද­ටත් ඔවුන් තේ ආර්ථි­කය ශක්ති­මත් කිරී­මට මහත් වෙහෙ­සක් දර­නවා. තාමත් ඔවුන්ගේ ජීවිත දුක් කම්ක­ටො­ලු­ව­ලින් අඩු­වක් නෑ. අපි එවන් දිරි­මත් පිරි­සට සහන දිය යුතුයි. ඔවුන්ගේ දූ දරු­වන්ගේ සෞඛ්‍ය සහ අධ්‍යා­පන පහ­සු­කම් වැඩි­දි­යුණු කළ යුතුයි. ඔවු­න්ටත් තම­න්ගේම කියා නිවෙ­සක අයි­තිය දිය යුතුයි.”

 

ජය­සිරි මුණ­සිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here