Home Politics News Room : ව්‍යස­න­යෙන් රට මුදා ගත් නාය­කයා ලෙස ජන­පති රනිල් ඉති­හා­ස­ගත...

News Room : ව්‍යස­න­යෙන් රට මුදා ගත් නාය­කයා ලෙස ජන­පති රනිල් ඉති­හා­ස­ගත වෙනවා

0
0

ආර්ථික අර්බුද ඇතුළු අනෙ­කුත් ව්‍ය­ස­නා­කාරි තත්ත්ව­යෙන් රට මුදා­ගත් නාය­කයා ලෙස රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඉති­හාසගත වන බවත් ඉදි­රි­යේදී පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් වත්මන් ජනා­ධි­ප­ති­ව­රයා විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් ලබන බවත් එය කිසි­වෙ­කුට වැළැ­ක්විය නොහැකි බවත් ක්‍රීඩා හා යෞවන කට­යුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසා­නා­යක මහතා පව­සයි.

අමා­ත්‍ය­ව­රයා මේ බව කියා සිටියේ ඉදි­රියේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදි මාතලේ දිස්ත්‍රි­ක්කයේ සංවි­ධාන කට­යුතු පිළි­බ­ඳව මාතලේ ජනා­ධි­පති මැති­ව­රණ මෙහෙ­යුම් කාර්යා­ල­යේදී පැවැති රැස්වී­ම­කට එක්වෙ­මිනි.

මේ වන විට රට යම් ආර්ථික මට්ට­මක් ළඟා කර ගෙන ඇති බවත් අත්හදා බැලීම් සඳහා නාය­ක­යින් පත් කිරී­මක් සිදු­වු­ව­හොත් නැවත මීට වසර දෙක­කට පෙර තිබූ තත්ත්ව­යට රට ආප­ස්සට යන බවත් අපි අඳුරු යුග­යන් පසු­කර පැමිණ ඇති බවත් ජන­තා­වට සහන රැසක් ලබා දුන් බවත් ඒවා ලබා දුන්නේද ආර්ථික අප­හ­සුතා මධ්‍යයේ බවත් රාජ්‍ය අමා­ත්‍ය­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සීය.

මෙහිදි අද­හස් දැක්වූ මාතලේ එපාජ ප්‍රධාන සංවි­ධා­යක හිටපු පළාත් සභා මන්ත්‍රී උජිත් අනු­රාධ මහතා කියා සිටියේ කව­දා­වත් කේන්දර නොගැ­ළ­පුණ පිරි­සක් මෙවර ස්වාධීන අපේ­ක්ෂ­කයා ලෙස ඉදි­රි­පත්ව සිටින ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට සහය දීමට එක්ව ඇති බවත්ය. එසේම ඉදි­රි­යේදී මෙවැනි පිරි­සක් එක්වී­මට නිය­මිත බැවින් පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදි විශිෂ්ට අයු­රින් ජනා­ධි­ප­ති­ව­රයා ජය­ග්‍ර­හ­ණය කරන බවද පැව­සීය.

මෙම රැස්වීම සඳහා මාතලේ සහ රත්තොට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය, මහ­ජන එක්සත් පෙර­මුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ­වල හිටපු පළාත් සභා මන්ත්‍රී­ව­රුන් ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­ව­රුන් ඇතුළු විශාල පිරි­සක් එක්වී සිටි­යහ.

 

මාතලේ – මහේෂ් කීර්ති­රත්න මාතලේ මධ්යම සමූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here