1
ආර්ථික අර්බුද ඇතුළු අනෙකුත් ව්යසනාකාරි තත්ත්වයෙන් රට මුදාගත් නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසගත වන බවත් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපතිවරයා විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවත් එය කිසිවෙකුට වැළැක්විය නොහැකි බවත් ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉදිරියේ ජනාධිපතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුතු පිළිබඳව මාතලේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවැති රැස්වීමකට එක්වෙමිනි.
මේ වන විට රට යම් ආර්ථික මට්ටමක් ළඟා කර ගෙන ඇති බවත් අත්හදා බැලීම් සඳහා නායකයින් පත් කිරීමක් සිදුවුවහොත් නැවත මීට වසර දෙකකට පෙර තිබූ තත්ත්වයට රට ආපස්සට යන බවත් අපි අඳුරු යුගයන් පසුකර පැමිණ ඇති බවත් ජනතාවට සහන රැසක් ලබා දුන් බවත් ඒවා ලබා දුන්නේද ආර්ථික අපහසුතා මධ්‍යයේ බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙහිදි අදහස් දැක්වූ මාතලේ එපාජ ප්‍රධාන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී උජිත් අනුරාධ මහතා කියා සිටියේ කවදාවත් කේන්දර නොගැළපුණ පිරිසක් මෙවර ස්වාධීන අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට එක්ව ඇති බවත්ය. එසේම ඉදිරියේදී මෙවැනි පිරිසක් එක්වීමට නියමිත බැවින් පැවැත්වෙන ජනාධිපතිවරණයේදි විශිෂ්ට අයුරින් ජනාධිපතිවරයා ජයග්‍රහණය කරන බවද පැවසීය.
මෙම රැස්වීම සඳහා මාතලේ සහ රත්තොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂවල හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්වී සිටියහ.
මාතලේ – මහේෂ් කීර්තිරත්න මාතලේ මධ්‍යම සමූහ