Home Politics News Room : සියලු ආසන නියෝ­ජ­නය කරමින් මැති­ව­රණ ව්‍යාපා­රය ඇර­ඹී­මට සූදා­නම්

News Room : සියලු ආසන නියෝ­ජ­නය කරමින් මැති­ව­රණ ව්‍යාපා­රය ඇර­ඹී­මට සූදා­නම්

0
0

“අපේ මැති­ව­රණ ව්‍යාපා­රය එළැ­ඹෙන 17 වැනිදා ආරම්භ කර­නවා. හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කය, තංගල්ල, මාතර සහ ගාල්ල නග­ර­ව­ලදී ප්‍රධාන රැලි තුනක් පවත්වා උතුරු නැඟෙ­න­හිර පළාත් ඇතු­ළත්ව සෑම දිස්ත්‍රි­ක්ක­ය­කම සියලු ආසන නියෝ­ජ­නය වන පරිදි මැති­ව­රණ ව්‍යාපා­රය ආරම්භ කිරී­මට කට­යුතු සූදා­නම් කර තිබෙ­නවා.” යැයි ජාතික ජන බල­වේ­ගයේ නායක, ජන­පති අපේ­ක්ෂක අනුර කුමාර දිසා­නා­යක පව­සයි.

ඔහු මේ බව පවසා සිටියේ පෙරේදා (13) පැවති මාධ්‍ය හමු­ව­කට එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“නග­ර­වල සිට ගම් දක්වා තවත් රැස්වීම් මාලා­වක් සූදා­නම් කර තිබෙ­නවා. අපගේ මැති­ව­රණ ක්‍රියා­ව­ලි­යට ගෙයින් ගෙට ගොස් කරන ගෘහස්ත සාකච්ඡා ඇතු­ළත් කර තිබෙ­නවා. අවම වශ­යෙන් සෑම නිවෙ­ස­ක­ටම දෙපා­රක් යෑමට සැල­සුම් කර තිබෙ­නවා. නිවස 50%කට වැඩි ප්‍රමා­ණ­යක් මේ වන විට අපි ආව­ර­ණය කර තිබෙ­නවා. 15 වැනිදා සිට අපි නිවෙ­ස්ව­ලට ගොස් පුර­වැ­සි­යන් මුණ­ගැ­සීමේ මැති­ව­රණ ව්‍යාපා­රය ආරම්භ කර­නවා. සෑම නිවෙ­ස­ක­ටම මූලික ප්‍රති­ප­ත්තීන් සහ අපේ පණි­වි­ඩය ගෙන යෑමට කුඩා පත්ත­ර­යක් බෙදී­මට සැල­සුම් කර තිබෙ­නවා. මෙරට ප්‍රබ­ල­තම සාර්ථක ගෙයින් ගෙට යෑමේ ව්‍යාපා­රය ආරම්භ කරන්නේ අපි. අපේ වැඩ­පි­ළි­වෙළ සහ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය එළි­ද­ක්වන්න අපි සූදා­නම්. මේ වන විටත් අපේ ප්‍රති­පත්ති ප්‍රකාශ ගණ­නා­වක් එළි­දක්වා තිබෙ­නවා. ක්ෂේත්‍ර පහක් කේන්ද්‍ර කර­ගෙන ඉංජි­නේරු ප්‍රති­ප­ත්තිය එළි­දක්වා තිබෙ­නවා. එමෙන්ම ආබා­ධි­ත­භා­ව­යට පත්වූ­වන් රැක­බලා ගන්නේ කෙසේද, ඔවුන්ට උසස් සමාජ තත්ත්ව­යක්, ගෞර­ව­නීය ජීවි­ත­යක් උරුම කර දෙන්නේ කෙසේද කියන කරුණු සහිත ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය එළි­දක්වා තිබෙ­නවා. IT ක්ෂේත්‍ර­යට අදාළ ප්‍රති­පත්ති සැල­සුම එළි­දැ­ක්වුවා.

ඒ වගේම එළැ­ඹෙන 15 වැනිදා බල­ශක්ති ක්ෂේත්‍රය සම්බ­න්ධ­යෙන් ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යත්, 26 වැනිදා සංචා­රක කර්මා­න්තය සම්බන්ධ වැඩ­පි­ළි­වෙ­ළත් ඉදි­රි­පත් කර­නවා. රටේ ඩොලර් අර්බු­ද­යට කෙටි කාලීන විස­ඳුම් සංචා­රක කර්මා­න්තය හරහා සොයා ගත හැකියි. අපේ ආර්ථික ප්‍රති­ප­ත්තිය සැප්තැ­ම්බර් මස 03 වැනිදා විශාල ව්‍යාපා­රික සමු­ළු­වක් පවත්වා සියලු ක්ෂේත්‍ර ආව­ර­ණය වන පරිදි එළි­ද­ක්ව­නවා. ග්‍රාමීය දුප්පත් ජන­තාව ආර්ථි­කයේ ප්‍රධාන පංගු­ක­රු­වන් බවට පත්කොට අධ්‍යා­ප­නය, සෞඛ්‍ය, ආහාර යන මූලික අව­ශ්‍යතා සපු­ර­මින් ඉදිරි සංව­ර්ධ­නය පිළි­බඳ මූලික අව­ධා­නය යොමු කර තිබෙ­නවා. මේ මස 26 වැනිදා සමාජ, ආර්ථික, සංස්කෘ­තික සෑම ක්ෂේත්‍ර­යක් පිළි­බ­ඳව සලකා මැති­ව­රණ ප්‍රකා­ශ­නය ඉදි­රි­පත් කිරී­මට සැල­සුම් කර තිබෙ­නවා.

ජාතික ජන බල­වේ­ගය හැටි­යට අපි මේ මැති­ව­ර­ණය දක්වා ඉතා­මත්ම සංවි­ධා­නා­ත්මක පිය­වර පසු­ක­ර­මින් පැමි­ණියා. ග්‍රාමීය ජන­තා­වට අපේ පණි­වි­ඩය ගෙන යෑමට ශක්ති­මත් යාන්ත්‍ර­ණ­යක් ගොඩ­නඟා එක් එක් ක්ෂේත්‍ර­ව­ලට අදා­ළව වෙන වෙනම සංවි­ධාන පිහි­ටු­ව­නවා. විශ්‍රා­මික ත්‍රිවිධ හමුදා සාමා­ජි­ක­යන්, විශ්‍රා­මික පොලිස් නිල­ධා­රීන්, ආබා­ධිත වූවන්, වැඩ කරන ජන­තාව, විද්ව­තුන්, ව්‍යාපා­රි­ක­යන් ආදී සෑම ක්ෂේත්‍ර­යක්ම ආව­ර­ණය වන පරිදි සමා­ජය සංවි­ධාන කර­මින් මේ දක්වා ඉදි­රි­යට පැමි­ණියා. අපි මැති­ව­රණ ව්‍යාපා­ර­යට ප්‍රවේ­ශවී සිටින්නේ ශක්ති­මත් යාන්ත්‍ර­ණ­යක් හා වැඩ­පි­ළි­වෙ­ළක්. රට ගොඩ­නැ­ඟිය හැකි ශක්ති­මත් සංවි­ධා­නා­ත්මක කණ්ඩා­ය­මක් අපි සමඟ ඉන්නවා.”

අමායා රන්දුනු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here