Home Politics News Room : හිටපු ජන­පති මහි­න්දට සලකා නාමල්ට ඡන්දය දෙන්න

News Room : හිටපු ජන­පති මහි­න්දට සලකා නාමල්ට ඡන්දය දෙන්න

0
0

මහින්ද රාජ­පක්ෂ හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාට කළ­ගුණ සැල­කී­මක් ලෙස ඔහුගේ පුත්‍රයා වන නාමල් රාජ­පක්ෂ මහ­තාට ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ඡන්දය දෙන්නැයි හිටපු ඇමැති, මන්ත්‍රී චමල් රාජ­පක්ෂ මහතා ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටියි.  මන්ත්‍රී­ව­රයා මේ බව පැව­සුවේ හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ හිටපු පළාත් පාලන නියෝ­ජිත පිරි­සක් සමඟ පැවති සාක­ච්ඡා­ව­ක­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ මන්ත්‍රී­ව­රයා මෙලෙස ද කීවේය.

“දශක තුනක් පුරා පැවති යුද්ධය මෙරට නාය­ක­යන් කිහිප දෙන­කු­ටම අව­සන් කිරි­මට නොහැකි වුණා. ඒත් මහින්ද රාජ­පක්ෂ මහතා කොටි ත්‍රස්ත­වා­ද­යෙන් රට බේරා ගත්තා. ඔහු මෙරට විශාල සංව­ර්ධන වැඩ කොට­සක් කළා. ඒවාට කළ­ගුණ සැල­කී­මක් ලෙස ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී නාමල් රාජ­පක්ෂ මහතා ජනා­ධි­ප­ති­ව­රයා ලෙස පත් කරන ලෙස ඉල්ලා සිටි­නවා.”

සුභා­ෂිණී සේනා­නා­යක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here