Home Politics News Room : වැටුප් ප්‍රශ්නය විසඳූ ජනපති සමඟ වතුකරයේ ජනතාව ඉන්නවා

News Room : වැටුප් ප්‍රශ්නය විසඳූ ජනපති සමඟ වතුකරයේ ජනතාව ඉන්නවා

1
0

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීමට පියවර ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපති මැතිවරණයේදි වතුකරයේ අති බහුතර වතුකර ජනතාවක් තම ඡන්දය ලබාදීමට සූදානමින් සිටින බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආගරපතන ආසන සංවිධායිකා කල්‍යාණි සතරසිංහ මහත්මිය පවසයි.

ආගරපතන ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ කල්‍යාණි මහත්මිය එහිදී වැඩිදුරටත් මෙසේද පැවසුවාය.

මේ වන විට වතුකර ජනතාවට ලැබෙන වැටුප ජීවත් වීමට මදි වීමෙන් එම ජනතාව දැඩි ලෙස පීඩාවන්ට ලක් වෙලා ඉන්නේ. එවන් තත්ත්වයන් මත මේ වතුකරයේ සේවය කරන කම්කරු ජනතාවගේ දෛනික වැටුප වැඩි කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගැනීම ඉතාමත් හොඳ දෙයක්.

මෙම වැටුප් වැඩි කිරීම තුළින් එම ජනතාවට යම් සහනයක් ලැබෙනවා. මෙසේ තම වැටුප් වැඩි කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගැනීම පිළිබඳව එම වතුකර ජනතාව සතුටට පත් වෙලා ඉන්නේ.

එම තත්ත්වයන් මත මේ වතුකරයේ අති බහුතර වතු කම්කරුවන් පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට තම ඡන්දය ලබාදීමටයි සූදානමින් ඉන්නේ. මේ වතුකර ජනතාව සමඟ අපි කතා කරන විට ඔවුන් පවසන්නේ තම දෛනික වැටුප වැඩි කර දීමට පියවර ගත් රනිල් වික්‍රමසිංහ මහතාට තම ඡන්දය ලබා දෙන බවයි.

හැටන් – මධ්‍යම විශේෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here