Home Politics News Room : ජනපති රනිල්ගේ මංගල ජන රැලිය අද අනුරපුරදී

News Room : ජනපති රනිල්ගේ මංගල ජන රැලිය අද අනුරපුරදී

0
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමේ අරමුණ සහිත මංගල ජනරැලිය අද (17) ඵෙතිහාසික අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගණයේ දී පැවැත්වේ.

මේ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමගි ජන බලවේගයෙන් පැමිණි පිරිස් සමඟ රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දෙන දේශපාලන පක්ෂ හතලිහක් පමණ නියෝජිතයන් සහ එම සියලු නායකයන්ද එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේය .

මංගල රැලියේ පෙර සූදානම පිළිබඳව සොයා බැලීමට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයට ඊයේ (16) පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එස්.එම් චන්ද්‍රසේන මහතා මේ බව පැවසිය. එහිදි තවදුරටත් අදහස් දක්වමින් එස්.එම්. චන්ද්‍රසේන මහතා මෙසේ ද පැවසිය . හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් වසර තිහක් පුරා පැවති යුද්ධය අවසන් කළා මෙන් රනිල් වික්‍රමසිංහ මහතා ද රටේ ඇති වූ ආර්ථික අර්බුදය අවසන් කරමින් ගොවි ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට ගෞරවයක් ලෙස එතුමාට මෙවර මැතිවරණයේදී සහාය දැක්වීමට පොහොට්ටු පක්ෂයේ වැඩි මන්ත්‍රීන් පිරිසක් තීන්දුවක් ගත්තා .

නායකයන්ගේ තීන්දු මත නොව ජනතාවගේ තීන්දුව මත තමන් ඇතුළු කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ බවත් කියන දේ කරන නායකයකු ලෙස එතුමන්ව පිළිගෙන තිබෙනවා. ශ්‍රී ලංකා පොදු යන පෙරමුණේ අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් ජනාධිපතිවරයාට සහයෝගය ලබා දෙන බවත් ජනාධිපතිවරයෙන් පසුව හෝ වැඩිදෙනාගේ තීන්දුව මත පෝහොට්ටු පක්ෂය තීන්දු ගනු ඇති බවට විශ්වාස කරන බවද එස් .එම්. චන්ද්‍රසේන මහතා වැඩි දුරටත් සඳහන් කළේය .

ජයසිරි මුණසිංහ සහ අමිල ප්‍රභාත් වනසිංහ

අනුරාධපුර අතිරේක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here