34
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කරමින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගැනීමේ පින්කමක් ඊයේ (16) පෙරවරුවේ සිදු කෙරිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මහජන නියෝජිතයන් රැසකගේ සහභාගිත්වයෙන් මෙය සිදු විය. මෙහිදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී භික්ෂූන් වහන්සේ තුන්සිය නමකගේ සහභාගීත්වයෙන් ආගමික වතාවත් කළ අතර අනතුරුව බෝමලුව විහාරස්ථාන සන්නිපාත ශාලාවේදී භික්ෂූන් වහන්සේ උදෙසා හීල් දානමය පින්කමක් ද පැවැත්විණි.
ලංකාරාමාධිකාරි උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැලපනාවේ ධම්මජෝති, අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද, අභයගිරි විහාරාධිපති කල්ලංචියේ රතනසිරි නාහිමිපාණන් ප්රමුඛ මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් මෙය සිදු කෙරිණි.
ඡායාරූප-සුලෝචන ගමගේ
අමිල ප්‍රභාත් වනසිංහ – අනුරාධපුර අතිරේක
අනුරාධපුර සංචාරක – සශිනි මධුෂානි