Home Politics News Room : දෙවසරක් මේ රටේ ආර්ථික ගැටළු විසඳූ ජනපති සමඟ එක්...

News Room : දෙවසරක් මේ රටේ ආර්ථික ගැටළු විසඳූ ජනපති සමඟ එක් වුණා

0
0

ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට එම පක්ෂයේ ජාතික සභාව පෙරේදා (18) දින තීරණය කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ (18) දින හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදි මාධ්‍ය හමුවක් පවත්වමිණි. මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ තම පක්ෂයේ ජාතික සභාවේ සාමාජිකයන් එක් වී ජනාධිපතිවරණයේදි සහාය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි. එම සාකච්ඡාවේදි ජාතික සභාවේ සියලුම සාමාජිකයන් ඒකමතිකව ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බවද ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.

වසර දෙකක කාලයක් මේ රටේ පැවති ආර්ථික ගැටලු විසඳමින්, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට සහ එම ජනතාවගේ යටිතල පහසුකම් නංවාලීමටත්, ඉඩම් අයිතිය ලබා දීමට එකඟ වී ඇති නිසා ජාතික සභාව එම තීරණය ගත් බවත් ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය. ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහ ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවද ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය. මෙම මාධ්‍ය සාකච්ඡාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, එම පක්ෂයේ භාණ්ඩාගාරික පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් යන මහත්වරු ද සහභාගි වූහ.

හැටන් – රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here