Home Politics News Room : දේශපාලනඥයන් පක්ෂ මාරු කළාම අතරමං වන පාක්ෂිකයන් අපිත් එක්ක...

News Room : දේශපාලනඥයන් පක්ෂ මාරු කළාම අතරමං වන පාක්ෂිකයන් අපිත් එක්ක එකතු වෙනවා

1
0

 

දේශපාලනඥයන් මුදලට පක්ෂ මාරු කිරීම හේතුවෙන් අතරමං වූ එම පාක්ෂිකයින් ජාතික ජන බලවේගය සමඟ එක්වෙමින් සිටින බව ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ සමෘද්ධි සාමූහිකයේ අනුරාධපුර දිස්ත්‍රික් මහා සමුළුවට එක්වෙමින් වසන්ත සමරසිංහ මහතා පෙරේදා (18)මේ බව පැවසීය. එහිදී තවදුරටත් අදහස් දක්වමින් වසන්ත සමරසිංහ මහතා මෙසේද පැවසීය. ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කටයුතු කළ බව රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ වේදිකාවේදී පැවසුවද මේ වනතෙක් ජනතාවගේ ප්‍රශ්න විසඳී නොමැති බව ද වසන්ත සමරසිංහ මහතා පැවසීය.

මන්ත්‍රීවරුන් මේ වන විට මුදලට දේශපාලන පක්ෂවලට විකිණෙමින් සිටිනවා. ඒ අනුව මේ වන විට රට තුළ දූෂිතයින් සහ ජනතාව වශයෙන් කොටස් දෙකකට රටේ ජනතාව බෙදී සිටිනවා. දේශපාලනඥයන් මෙසේ පක්ෂ මාරුකිරීම හේතුවෙන් ඔවුන්ගේ පාක්ෂිකයින් ජාතික ජන බලවේගය සමඟ එක්වෙමින් සිටින බවත් වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අමිල ප්‍රභාත් වනසිංහ – අනුරාධපුර අතිරේක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here